ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ ජාතික බීච් වොලිබෝල් කොමිසම විසින් ‘සන්ක්වික්’ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ සංවිධාන කරන ‘සන්ක්වික් ජාතික බීච් වොලිබෝල් ශූරතාවලිය’ අද (31) මීගමුව වෙරළ උද්‍යානයේදී ආරම්භ වේ.
තෙදිනක් පුරා ක්‍රියාත්මක තරගාවලිය ද විවෘත සහ වයස් කාණ්ඩ ලෙස කාන්තා හා ඉසව් 8කින් සමන්විතව පැවැත්වෙන අතර, මෙවර තරගාවලියේදී වයස් කාණ්ඩවල සීමා වෙනස් කිරීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.
අවසන් වරට පැවති තරගාවලියේදී අවුරුදු 22, 19 සහ 16න් පහළ පිරිමි සහ කාන්තා ලෙස වයස් කාණ්ඩ තරග පැවති අතර, මෙවර එය අවුරුදු 25, 21 සහ 18න් පහළ ලෙස පැවැත්වෙනු ඇත.
විශේෂයෙන් ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත දක්ෂ දරු දැරියන් දිරි ගන්වමින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙන්ම අනුග්‍රාහක සන්ක්වික් ආයතනයේ ද අරමුණවී තිබේ. පසුගිය වසර කිහිපය තිස්සේ මේ තරගාවලියෙන් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්ෂේත්රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයක් රැසක් හඳුන්වාදීමට ද හැකියාව ලැබී තිබේ.
අවසන් වරට පැවති තරගාවලියට වාර්තාගත ලෙස කණ්ඩායම් 225කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර, මෙවර තරගාවලියට පාසල් නියෝජනය කරමින් එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 160 ඉක්මවනු ඇතැයි සංවිධායකයන්ගේ අපේක්ෂාව වී තිබේ.
තරගාවලියට එක්වන කණ්ඩායම් තරගාවලිය ආරම්භ කිරීමට මිනිත්තු 45කට පෙර සංවිධාන කමිටුව වෙත වාර්තා කළ යුතු අතර, ප්‍රමාද වී පැමිණෙන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවන ඇතැයි එම කමිටුව පවසයි.
අවසන් වරට පැවති තරගාවලියේදී පිරිමි සහ කාන්තා විවෘත ශූරතා ද්විත්වයම ගුවන් හමුදාව දිනාගත් අතර, වයස් කාණ්ඩ ශූරතා හුංගම විජයබා, ගිරිඋල්ල මහමේරුව ලෙයිසුර්, ගිරිඋල්ල බිටුලින්ක්, හලාවත සාන්ත මේරි සහ නාත්තන්ඩිය ජනාධිපති විදුහල් කණ්ඩායම් දිනා ගත්තේය.