කැන්ග­රු­ව­න්ගෙන් සද්දෙයි වැඩයි දෙකම ශ්‍රී ලංකාව ලකුණු 610ක් පසු­ප­සින්-වසර 30කට පසු ශ්‍රී ලංකා­වට එරෙහිව වාර්තා­වකුත් පිහි­ටු­වයි

ඔස්ට්‍රේ­ලි­යා­වෙන් පැමිණි අති විශාල ප්‍රේක්ෂක සමූ­හ­ය­කගේ සද්ද මැද්දේ ද්විත්ව ශත­ක­ය­කින් හා ශතක 2කින් පිරී ගිය ඔස්ට්‍රේ­ලියා ලකුණු පුව­රුව ටෙස්ට් ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට එරෙ­හිව ඉනි­මක වැඩිම ලකුණු වාර්තාව පසු කළේය. සංචා­රක පිල හා ශ්‍රී ලංකාව අතර පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ගයේ දෙවැනි දිනය වූ ඊයේ ඔස්ට්‍රේ­ලි­යානු පිල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 654ක් ලබා සිටි­යදී ඉනිම අත්හි­ටවූ අතර, දිනය නිමා­වෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 44ක් ලබා සිටි­යේය.

ආර­ම්භක පිති­ක­රු­වන් වූ ඕෂධ හා දිමුත් යන දෙදෙ­නාම අසා­ර්ථක වෙද්දී මැතිව්ස්ට ද ඒ ආකා­රයේ ඉර­ණ­මක් අත්වී ලකුණු 7කට දැවී ගියේය. ලෝක ටෙස්ට් පිටියේ නැඟී එන ක්‍රීඩක සම්මා­නය දිනූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 13ක් හා දිනේෂ් චන්දි­මාල් නොදැවී ලකුණු 9ක් ලබා දිනය නිමා­වෙද්දී කඩුල්ලේ රැඳී සිටි­යහ.

ඔස්ට්‍රේ­ලි­යානු පිලේ ප්‍රහා­රය දැඩි වූ අතර ඉනිම පුරා හයේ පහර 6ක් හා හත‍‍රේ පහර 54ක් එල්ල කළේය. ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන මේ ටෙස්ට් තර­ගයේ පළමු දිනයේ ඔස්ට්‍රේ­ලි­යාව කඩුලු 2කට ලකුණු 330ක් ලබා සිටි අතර, ඊයේ දෙවැනි දිනයේ තවත් කඩුලු 4ක් දැවී ලකුණු 324ක් එක්කර ගත්තේය.

ඒ සම­ඟම මෙයට වසර 30කට පෙර ඔස්ට්‍රේ­ලි­යාව පර්ත්හිදී ශ්‍රී ලංකා­වට එරෙ­හිව කඩුලු 5කට ලකුණු 617ක් ලබා පිහි­ටුවා තිබූ ඉනි­මක වැඩිම ලකුණු වාර්තාව ඊයේ මැකී ගියේය.

ආර­ම්භක පිති­කරු උස්මාන් කවාජා ද්විත්ව ශත­ක­යක්, නායක ස්ටීව් ස්මිත් හා මංගල ටෙස්ට් තර­ග­යට සහ­භාගි වූ ජොස් ඉංග්ලිෂ් ශතක වාර්තා කර­මින් ඔස්ට්‍රේ­ලි­යාව ඉහ­ළට ඔසවා තැබූහ.

මංගල ටෙස්ට් තර­ග­යට සහ­භාගි වූ ජොස් ඉංග්ලිෂ් ටෙස්ට් පිටියේ එවැනි දස්ක­මක් දැක්වූ 118 වැනි ටෙස්ට් ක්‍රීඩ­කයා ලෙස ඉති­හා­ස­යට එක්වූ­වේය. පන්දු 94කදී හයේ පහ­රක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 102ක් ලබා­ගත් ඉංග්ලිෂ් ප්‍රභාත් ජය­සූ­රි­යගේ පන්දු­ව­කට කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දු­වක් ලබාදී දැවී ගියේය. මංගල ටෙස්ට් තර­ග­යේදී ශත­ක­යක් ලැබූ 21ක් වැනි ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩ­කයා ජොස් ඉංග්ලිෂ් වූ අතර, අව­සන් වරට 2015දී මංගල ටෙස්ට් තර­ග­යේදී ශත­ක­යක් ලැබූ ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩ­කයා වූයේ ඇඩම් වෝජස්ය.

ඔස්ට්‍රේ­ලි­යානු පිති­ක­රුවෝ ශ්‍රී ලංකා පන්දු යව­න්නන් කදි­මව පාල­නය කර­ගත් අතර, ටෙස්ට් ඉනිම 33කට පසු ශත­ක­යක් ලබා­ගත් උස්මාන් කවා­ජාගේ අනා­ග­තය මේ ඉනි­මෙන් පසු තහ­වු­රු­වීම ඔහු පෞද්ග­ලි­කව ලැබූ සහ­න­යකි. එක දිගට ඉනිම 33කදී අර්ධ ශතක 4කට සීමාවී අසා­ර්ථක පිති­ක­රු­වකු ලෙස හංවඩු ගසා සිටි කවාජා ලබා­ගත් ද්විත්ව ශත­කය ශ්‍රී ලංකා­වේදී ඔස්ට්‍රේ­ලි­යානු පිති­ක­රු­වෙකු ලබා­ගත් ඉහ­ළම ලකුණු සංඛ්‍යාව වේ.

වැඩි වශ­යෙන් ‘රිවර්ස් ස්වීප්’ පහර එල්ල කළ කවාජා හයේ පහ­රක් හා හතරේ පහර 16ක් සමඟ පන්දු 352කදී ලකුණු 232ක් ලබා­ගත් අතර, එය ඔහුගේ 16 වැනි ටෙස්ට් ශත­කය ලෙස වාර්තා පොත් අලුත් කළේය. මෙයට පෙර හොඳම ටෙස්ට් ඉනිම ලෙස කවාජා දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව 2023 වසරේ සිඩ්නි­හිදී නොදැවී ලකුණු 195ක් ලබා සිටි­යේය.  නායක ස්ටීව් ස්මිත් පන්දු 251කදී හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 141ක් ලබා­ගත් අතර, වැන්ඩර්සේ එවූ පන්දු­ව­කට කඩුල්ල මුවා කිරීමේ වර­දට හසුවූ අතර, ඔහු තම 35 වැනි ටෙස්ට් ශත­කය වාර්තා කළේය. පළමු දින­යේදී ටෙස්ට් ලකුණු 10,000 පසු කළ සිවු­වැනි ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩ­කයා බවට පත්වූ නායක ස්ටීව් ස්මිත් ශ්‍රී ලංකා­වට එරෙ­හිව 3 වැනි ටෙස්ට් ශත­කය සට­හන් කළේය. ස්මිත් හා කවාජා අතර තෙවැනි කඩු­ල්ලට පන්දු 419කදී ලකුණු 266ක සබ­ඳ­තා­වක් එක් කිරීම ද ශ්‍රී ලංකා­වට එ‍රෙහි තවත් වාර්තා­වක් විය. මෙයට පෙර 2004 වසරේ මහ­නු­ව­රදී පැවැති ටෙස්ට් තර­ග­යේදී ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ඩේමි­යන් මාටින් අතර පැවති ලකුණු 200 සබ­ඳ­තාව මේ දෙදෙනා අබි­බවා ගියහ.

ගාලු තණ­තිල්ල තව­මත් පිති­ක­රු­වන්ට යෝග්‍ය තත්ත්ව­ය­කින් හැසි­රෙන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ කල්ප­නා­කා­රීව ලකුණු රැස් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා පිති­ක­රු­වන් අමා­රුවේ දම­න්නට සමත් පළ­පු­රුදු පන්දු යව­න්නන් ඔස්ට්‍රේ­ලි­යාව සතුව සිටින හෙයින් මේ ටෙස්ට් තර­ගයේ තීර­ණා­ත්මක දිනය අද දවස වනු ඇතැයි විචා­රක මතය වේ.

ගාලු තණ­තිල්ල දඟ පන්දු යව­න්නන්ගේ පාරා­දී­ස­යක් වුවද ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ට දින දෙකේ­දීම සහ­යෝ­ග­යක් නොති­බිණි. ඉදි­රි­යෙන්ම සිටින දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජය­සූ­රි­යට එරෙ­හිව ලකුණු 193ක් ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් ලබා­ගත් අතර, ඔහු දවා ගත්තේ කඩුලු 3ක් පමණි. ඉතිරි කඩුලු 3 ලබා­ගත් ජෙෆ්රි වැන්ඩ­ර්සේ­ගෙන් ලකුණු 182ක් සොරා ගත් අතර, කඩුලු දවා නොගත් දඟ පන්දු යවන නිශාන් පීරිස් ලකුණු 189ක් ලබා දුන්නේය.

තර­ගයේ තෙවැනි දිනය අදයි.