ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත පිරි­සක් හා ඉදි­කි­රීම් නිවාස ඇමැති අතර හමු­වක්

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත කණ්ඩා­ය­මක් සහ නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් හා නිවාස ඇමැති අනුර කරු­ණා­ති­ලක මහතා අතර හමු­වක් ඊයේ (30) අමා­ත්‍යාං­ශයේ දී පැවැ­ත්විණි.

ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ඉදි­රි­යේදී  ශ්‍රී ලංකා­වට සැප­යෙන සහන ණය ආධාර ලබා­දිය යුතු ක්ෂේත්‍ර සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මධ්‍යම පාන්තික හා අඩු­ආ­දා­ය­ම්ලාභී ජන­තා­වගේ නිවාස ඌණ­තාව සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

විෂ­ය­භාර ඇමැ­ති­ව­රයා අද­හස් දක්ව­මින් මෙසේ පැවැ­සීය. මන්නා­රම, යාප­නය දිස්ත්‍රි­ක්ක­වල හා රටේ විවිධ ප්‍රදේ­ශ­වල ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ආධාර යටතේ කළ පානීය ජල ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් ස්තූතිය පුද කළ අතර රටේ ප්‍රධාන පාරි­ස­රික ගැට­ලු­වක් වී ඇති ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණ­යට  තාක්ෂ­ණික ආධාර අවශ්‍ය බව පැව­සීය.

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ජල හා නාග­රික සංව­ර්ධන අධ්‍යක්‍ෂ ශ්‍රීනි­වාස් සම්පත් (Mr. Srinivas Sampath) මහතා සහ ජ්‍යෙෂ්ඨ නාග­රික සංව­ර්ධන මෙහෙ­යුම් විශේ­ෂඥ එල්මා මොශීඩා (Ms. Elma Morsheda) මෙණෙ­විය මේ කණ්ඩා­ය­මට අයත් වූ අතර නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, නාග­රික ජනා­වාස සංව­ර්ධන අධි­කා­රිය, ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය හා ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය ආය­ත­න­වල ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.