සාම­වි­නි­සුරු පදවි ලබයි

මාකොළ උතුර අංක 518/1 නිවසේ පදිංචි ඒ.ඒ.දීපානි අනෝමා ඩයස් මහ­ත්මිය මුළු දිව­යි­න­ටම සමා­දාන විනි­සු­රු­ව­රි­යක ලෙස මහර දිසා අධි­ක­ර­ණ­යේදී පසු­ගි­යදා දිවු­රුම් දුන්නාය.

කැල­ණිය සපු­ග­ස්කන්ද මහා විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලැබූ ඇය පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ශාස්ත්‍ර­වේදී උපා­ධිය ද කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පශ්චාත් උපා­ධිය ද ලබා ගෙන ඇත.

මේ වන විට ගුරු­කුල ජාතික පාසලේ දේශ­පා­ලන විද්‍යා ගුරු­ව­රිය ලෙස සේවය කරන ඇය බිය­ගම සමථ මූල මණ්ඩ­ලයේ ප්‍රධාන සම­ථ­කා­ර­ක­ව­රිය ලෙස කට­යුතු කරන අතර බිය­ගම ප්‍රදේ­ශයේ සංවි­ධාන රැසක තන­තු­රුද හොබ­වයි.