දසවැන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) අනිල් ජයන්ත මහතා පත්කර ඇත.
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පළමු රැස්වීම කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර, එහිදී මෙම පත්කිරීම සිදු කර ඇත. එමෙන්ම සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත්කර ඇත. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහභාගි වූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.