මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියා වියදම කෝටි 47යි-ලජ්ජා ඇත්නම් මහින්ද-චන්ද්‍රිකා දෙන්නම ගෙදර යන්න – ඇමැති බිමල් රත්නායක කියයි

රුපි­යල් කෝටි 47.2ක් වැය කර මහින්ද රාජ­ප­ක්ෂලා නිවෙස අලු­ත්වැ­ඩියා කර තිබෙන බව ප්‍රවා­හන, මහා මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය.

නුගේ­ගොඩ ජාතික ප්‍රවා­හන වෛද්‍ය ආය­ත­නයේ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඒ මහතා  පැව­සුවේ, මෙත­රම් මුද­ලක් වැය කර ගෙයක් අලු­ත්වැ­ඩියා කිරී­මට පුළු­වන් කාට­දැයි සිතා බලන ලෙසය.

“මේවා තමයි ලංකාව බංකො­ලොත් වීමට බලපෑ හේතු වෙන්නෙ. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ වර­ප්‍ර­සාද ඉවත් කිරී­මට ව්‍යාව­ස්ථාව වෙනස් නොකර කරන්න පුළු­වන් දේවල් ටික අපි කර­නවා.

ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය නොකර කරන්න පුළු­වන් විදිහ ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟ­පෙ­න්වලා තිබෙ­නවා. නාමල් වගේ ගොඩ පෙර­ක­දෝ­රු­ව­න්ගෙන් අපි උප­දෙස් ගන්නේ නැහැ.

නාමල්ට කිය­නවා තාත්තා බලා­ගන්න කියලා. අපි ගෙවල් ටික ගන්නවා. නැත්නම් රුපි­යල් 33,000ක් දෙනවා. දැන් ඒවා ක්‍රියා­ත්මක කරලා තිබෙන්නේ. අපි කියන්නේ ලජ්ජා නැතිව යන්න කියලා තමයි. මහි­න්දට වගේම චන්ද්‍රි­කා­ටත් යන්න කියලා තමයි අපි කියන්නේ” යැයි ද හෙතෙම කීවේය.