ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොළ පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ත්රිරෝද රථයේ රියදුරු කළුබෝවිල රෝහලෙන් ප්රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන්.
පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරුවරයා මත්පැන් පානය කර රිය ධාවනය හා අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රියදුරුවරයා වයස අවුරුදු 28ක් වන හික්කඩුව ප්රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරියෙක්.
සැකකරු ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
කෙසේවෙතත් නිලධාරියා විසින් සිදුකරන ලද විනය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට නියමිත බව සඳහන්.