මීගමුව කට්ටුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
එහිදී එම නිලධාරීන් විසින් ගණිකා නිවාසය කළමනාකරණය කරන ලද සැකකරුවෙකු සහ ගණිකා සේවයේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන් අවුරුදු 24 හා 38 යන වයස්වල පසුවන මීගමුව හා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.
තවද මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත් ගණිකා නිවාසයක් වැටලීමට සමත්ව තිබෙනවා.
එහිදී ගණිකා සේවය සැපයීම සම්බන්ධයෙන් වයස අවුරුදු 52ක් වන කටුනායක ප්‍රදේශයේ පදිංචි තවත් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව පොලීසිය සිදුකරනු ලබනවා.