යෝෂිත ළඟ තවමත් ගිනිඅවි 2ක්-5ක් භාරදීලා

යෝෂිත රාජ­පක්ෂ මහ­තාට ලබාදී තිබූ ගිනිඅවි 07න් 05ක් මේ වන­විට ආර­ක්ෂක අමා­ත්‍යං­ශ­යට භාරදී ඇති බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා ප්‍රකාශ කළේය.

දැනට ඔහු සතුව ඇති ගිනි­අවි දෙකෙන් එක් ගිනි­අ­වි­යක් නැවත භාර දෙන ලෙස දැනුම් දී ඇති බවත් ඉතිරි ගිනිඅවිය ද ඔහුට ලබා­දී­මට කට­යුතු කරන්නේ ඔහුගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් බුද්ධි වාර්තා­වක් ලබා ගැනී­මෙන් පසුව බව ද ආර­ක්ෂක ලේක­ම්ව­රයා කියා සිටි­යේය.

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ Bfha (29) පැවති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ආර­ක්ෂක ලේක­ම්ව­රයා මේ බව සඳ­හන් කළේය.

පුද්ගල ජීවිත ආර­ක්ෂා­වට ගිනි­අවි බල­පත්‍ර 1697ක් ලබා දී ඇති අතර ඉන් ගිනිඅවි 1368ක් මේ වන­විට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට ලබා දී ඇති බවට සිදු­කළ සංග­ණ­න­යෙන් හෙළිවී ඇති බව ආර­ක්‍ෂක ලේක­ම්ව­රයා සඳ­හන් කළේය.

පුද්ග­ල­යන්ගේ ජීවිත ආර­ක්ෂා­වට ආර­ක්ෂක අමා­ත්‍යං­ශ­යෙන් ගිනිඅවි බල­පත්‍ර 1697ක් ලබා දී තිබූ අතර බල­පත්‍ර ලබාදී තිබූ පුද්ගල සංඛ්‍යාව 1550ක් බව ද ආර­ක්ෂක ලේක­ම්ව­රයා කියා සිටි­යේය. ඉන් ගිනිඅවි 1368ක් ලබා දී ඇති අතර ගිනිඅවි භාර නොදුන් සංඛ්‍යාව 182ක් බව ද හෙතෙම කියා සිටි­යේය.

සිදු­කළ සංග­ණ­න­යේදී එක් පුද්ග­ල­ය­කුට එක් ගිනිඅවි­ය­කට වඩා ලබා දී ඇති බව හෙළිවී ඇතැයි ද පැවසූ ආර­ක්ෂක ලේක­ම්ව­රයා ඉදි­රි­යේදී එක් පුද්ග­ල­ය­කුට ආර­ක්ෂාව සඳහා එක් ගිනිඅවි­යක් පම­ණක් ලබා­දී­මට තීර­ණය කර ඇති බව ද කියා සිටි­යේය. නමුත් එක් පුද්ග­ල­ය­කුට එක් ගිනිඅවි­යක් ලබා දෙන්නේ ද බුද්ධි තොර­තුරු අනුව ඔහුට යම් තර්ජ­න­යක් ඇති­නම් පම­ණක් බව ද ආර­ක්ෂක ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය. මෙම ගිනිඅවි පිළි­බඳ සංග­ණ­න­යට සම­හර පුද්ග­ල­යන් එක්ව නොසි­ටින්නේ ඔවුන් විදේ­ශ­ග­ත­ වීම සහ වෙනත් හේතු කර­ණ­කො­ට­ගෙන බවට හෙළිවී ඇතැයි ද කියා සිටි­යේය.

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට ආර­ක්ෂාව සැප­යී­මේදී ද ඔහුට යම් ජීවිත තර්ජ­න­යක් තිබේද යන්න සලකා බලා ඒ අනුව ආර­ක්ෂාව සප­යන බව ද, හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට ඩ්‍රෝන ප්‍රහා­ර­යක තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් බුද්ධි තොර­තුරු අනුව අනා­ව­ර­ණය වී නැති බව ද ආර­ක්ෂක ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.