ජනතා විරෝ­ධය මැද සර්බි­යාවේ අග­මැති ඉල්ලා අස් වෙයි

සර්බි­යාවේ දුම්රිය ස්ථාන­යක අවි­ධි­මත් ලෙස ඉදි­කර තිබූ කොන්ක්‍රීට් වහ­ලක් කඩා වැටී පුද්ග­ල­යන් 15 දෙනකු මියයෑමේ සිදු­වීම මුල් කර­මින් සර්බි­යානු අග­මැති මිලොස් වූසෙ­වික් සිය ධුර­යෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය වසරේ නොවැ­ම්බ­රයේ එම සිදු­වී­මෙන් පසු එරට අග­මැ­ති­ව­ර­යාට ඉල්ලා අස්වන ලෙස බල කර­මින් එරෙ­හිව ලක්ෂ සංඛ්‍යාත ජන­තාව මාස දෙක­කට වැඩි කාල­යක් උද්ඝෝ­ෂණ හා විරෝ­ධතා පවත්වා ඇතැයි ද වාර්තා වේ. අග­මැ­ති­ව­ර­යාගේ ඉල්ලා අස්වී­මෙන් පසු රූප­වා­හි­නිය ඔස්සේ ජාතිය අමතා විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කළ ජනා­ධී­පති ඇලෙ­ක්සැ­න්ඩර් වූසිස් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යක් පව­ත්වීම හෝ නව රජ­යක් පිහි­ටු­වීම ඉදි­රි­යේදී තීර­ණය කරන බව දැනුම් දී තිබේ.

අග­මැ­ති­ව­ර­යාට එරෙ­හිව එරට විශ්ව­වි­ද්‍යාල සිසුන්ගේ මූලි­ක­ත්ව­යෙන් ආරම්භ කළ විරෝ­ධ­තාව පසු­ගි­යදා බෙල්ග්‍රෙඩ් අග­නු­වර වැට­ලීම සහ අග­නු­වර යා කරන ප්‍රධාන මාර්ග වසා දැමීම දක්වා පැතිරී ගොස් තිබූ බවත්, සර්බි­යාවේ අග­මැ­ති­ව­රයා ඉල්ලා අස්වූයේ රට පුරා වැඩ වර්ජ­න­යක් ආරම්භ කරන බවට විරෝ­ධ­තා­ක­රු­වන් රජ­යට අන­තුරු ඇඟ­වී­මෙන් පසුව බවත් වාර්තා වේ. එම කොන්ක්‍රීට් වහලය ඉදි කිරි­මේදී මහ පරි­මා­ණ­යෙන් මූල්‍ය වංචා සිදුවී ඇති බවට අන­තු­රින් පසුව රජ­යට චෝදනා එල්ල වූ අතර, සිදු­වී­මෙන් දින කිහි­ප­ය­කට පසුව සර්බි­යාවේ ප්‍රවා­හන ඇමැ­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් රැසක් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වූ බව ද වාර්තා වේ.