සිය කොමිසමේ අනුමැතිය නොමැතිව මෙරට භාවිත කරන ජංගම දුරකතන හඳුනා ගෙන ඒවා ස්වයංක්රීයව අවහිර වන නව මෘදුකාංගයක් හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
එබැවින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය නැති කිසිදු ජංගම දුරකතනයක් ඉදිරියේදී මිලදී නොගන්නා ලෙස ද කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අනුමත නොකළ ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සඳහා කොමිෂන් සභාව ඉක්මනින් නව ස්වයංක්රීය පද්ධතිය ක්රියාත්මක කරන බව ද කොමිසම සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද බලපත්රයක් යටතේ හැර යම් විදුලි සංදේශ උපකරණයක් වෙළෙඳාමක් වශයෙන් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, අපනයනය කිරීම, විකිණීම, විකිණීම පිණිස ඉදිරිපත් කිරීම, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම, පැවරීම, කුලියට දීම, බදු දීම, ක්රියාකර පෙන්වීම, නඩත්තු කිරීම හෝ අලුත්වැඩියා කිරීම ද ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 21 වැනි වගන්තිය අනුව සිදු කළ නොහැකි බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි. එය උල්ලංඝනය කරන අයකුට රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන, කාලසීමාවක් සඳහා දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වන බවත් කොමිෂන් සභාව පවසයි.