ඉන්දීය- ඉන්දු­නී­සියා ආර­ක්ෂක ගිවි­සුම දීර්ඝ කරයි

ඉන්දි­යාවේ 76 වැනි ජන­රජ දිනයේ විශේෂ ආරා­ධි­ත­යකු ලෙස සහ­භාගි වූ ඉන්දු­නී­සි­යාවේ ජනා­ධි­පති ප්‍රබොවෝ සුබි­ය­න්ටෝගේ සංචා­රය අත­ර­තුර ඉන්දු­නී­සි­යාව සහ ඉන්දි­යාව අතර සමුද්‍ර ආර­ක්ෂක ගිවි­සුම තවත් වසර 3කට දීර්ඝ කිරීම සඳහා අව­බෝ­ධතා ගිවි­සුම් අත්සන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දු පැසි­ෆික් කලා­පයේ ආර­ක්ෂාව වර්ධ­නය කිරීම සඳහා විස­ඳුම් සෙවීම, සමු­ද්‍රීය දූෂණ වංචා සම්බ­න්ධව නීතිය බලා­ත්මක කිරීම ඇතුළු කරුණු රැස­කට ප්‍රමු­ඛ­ත්වය දෙමින් එම ගිවි­සුම දීර්ඝ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි. මීට අම­ත­රව දෙරට අතර සෞඛ්‍ය, පාර­ම්ප­රික වෛද්‍ය ප්‍රති­කර්ම ඇතු­ළුව තවත් අව­බෝ­ධතා ගිවි­සුම් 4කට අත්සන් තබා ඇති අතර, ඉන්දීය මධ්‍යම රජයේ සෞඛ්‍ය හා පවුල් සුබ­සා­ධන අමා­ත්‍යාං­ශය, ඉන්දීය වෛද්‍ය විද්‍යාව සහ හෝමි­යෝ­පති සඳහා වන ඖෂධ කොමි­සම අතර එම අව­බෝ­ධතා ගිවි­සුම් අත්සන් තැබූ බව වාර්තා වේ. ඉන්දීය ජන­රජ දිනය සැම­රුම් උත්ස­වය සඳහා ඉන්දු­නී­සියා හමුදා ඇක­ඩ­මියේ සාමා­ජි­ක­යන් 190 දෙන­කු­ගෙන් සම­න්විත සමූහ තූර්ය වාදක කණ්ඩා­ය­මක් ද සහ­භාගි වී ඇත.