ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙනයෑමට තවදුරටත් කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙනයෑමට බලාපොරොත්තු නොවන බවත් ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කරන බවත් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.
ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ආරක්ෂක මාණ්ඩලික තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.