අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම නඩුව පෙබරවාරි මස 3 වනදා යළි කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.