අමෙරිකාවේ අවුරුදු 19න් පහළ තරුණ තරුණියන්ට ලිංගික සංක්‍රාන්ති සිදු කිරීම් තහනම් කිරීමේ විධායක නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ නවතම නියෝගය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමේ ලිංගික සංක්‍රාන්තිය සඳහා අරමුදල් සැපයීම, අනුග්‍රහය දැක්වීම, ප්‍රවර්ධනය කිරීම හෝ සහාය පළ කිරීම අමෙරිකාවේ ප්‍රතිපත්තිය නොවන බව එම නියෝගයේ සඳහන් වන බව වැඩිදුරටත් වාර්තා වේ.
එම නියෝගය නිකුත් කර ඇත්තේ පුද්ගල ජීවිත වෙනස් කරන මෙවැනි ක්‍රියාකාරකම් තහනම් කිරීමට හෝ සීමා කිරීමට අවශ්‍ය සියලුම නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය අමෙරිකානු ඉතිහාසයට කැළලක් ඇති කරවන භයානක ප්‍රවණතාවක් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධීපතිවරණ ප්රචාරක කටයුතු අතරතුරදී ලිංගික සංක්‍රාන්තිය දැඩි ලෙස විවේචනයට ද ලක් කර තිබිණි.