දසසිල් මෑණියන් සියක් නමකට දානය සමඟින් නොමිලේ වෛද්‍ය සායනයක්

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය විසින් දසසිල් මෑණියන් වහන්සේලා වෙත වාර්ෂිකව පිරිනමන දානමය පුණ්‍යකර්මය පසුගිය 25 වැනිදා කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේ දී කුරුණෑගල දිස්ත්‍රික් සිල් මාතා සංගමයේ සභාපති පූජ්‍ය ඇලස්වත්තේ චන්ද්‍රා සිල් මෑණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව සංගමයේ සභාපති එන්. එස්. කේ. විජේනායක මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරාමයන්හි වැඩවසන දසසිල් මෑණියන් වහන්සේලා සියක් නමක් සහභාගි වූ බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් තරුණ බෞද්ධ සංගමයේ දී සිල් මෑණියන් වහන්සේලා වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්වූ බවත්, කුරුණෑගල නිව් ෆාමසි ආයතනයෙන් සියලුම බෙහෙත් නොමිලේ ලබා දීමත් කුරුණෑගල සමුපකාර රෝහලේ හෙද කාර්යමණ්ඩලය අදාළ කටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් දායකත්වය ලබා දීමත් සිදු කළ බව සභාපති විජේනායක මහතා පැවසීය.