අල් ජමාදියියා අරාබි විදුහල නැවත විවෘත කරන්න

පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසයට අයත් තුත්තිරිපිටිගම, ගොඩෑකුරුව මුස්ලිම් ගම්මාන‍යේ 1998 වර්ෂ‍යේදි පමණ ආරම්භ කළ අල්ජමාදියියා අරාබි විදුහල ‍ මෙයට වසර 5කට අධික කාලයකට ‍ පෙර ඇතිවූ ප්‍රශ්නයක් නිසා වසා දැමීම සිදුවුවත් නැවත එම විද්‍යාලය විවෘත කිරිමට බලධාරීන් පියවර ‍ ගෙන ‍ නොමැත. අද වනවිට එම විද්‍යාල‍යේ සියලුම ‍ ගොඩනැඟිලි විනාශයට යමින් පවතියි.

‍ මේ සම්බන්ධව අදහස් දක්වන එම ගම්මාන‍යේ පදිංචි ඒ.එල්.ඉස්මයිල් මහතා ‍ මෙම අරාබි විද්‍යාල‍යේ ඉ‍ගෙන ගැනීම සඳහා මන්නාරම, යාපනය, මුලතිව්, මඩකලපුව සහ පුත්තලම යන ප්‍රදේශවල සිසු සිසුවියන් පැමිණියා. ඒ අය ‍ නේවාසිකව තමයි ඉ‍ගෙන ගත්තේ. පසුගිය කාල‍යේදී ඇතිවූ සහරා‍න්ගේ ප්‍රශ්නය උඩ ‍ මේ පාසල වසා දැම්මා . ඒ අවස්ථා‍වේදී ඉ‍ගෙනුම ලබමින් සිටි සිසුන් සියලු ‍ දෙනාම තම තමන්ගේ නි‍වෙස්වලට ගියා. නැවත ආ‍වේ නැහැ. විද්‍යාලය වසා දැමීම නිසා දි‍නෙන් දින ‍ ගොඩනැඟිලි අභාවයට ගියා. සියලුම අංගසම්පූර්ණ පහසුකම්වලින් යුක්තව ඇති ‍ මෙම විද්‍යාලය වගකිවයුතු අය‍ගේ අවධානය ‍ යොමුකර නැවත විවෘත කිරීමට පියවර ගන්නා ‍ ලෙස ඉල්ලා සිටිනවා. එ‍සේ ‍ නොමැතිනම් ස්වයං රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ‍ හෝ ‍ වෙනත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන ‍ ලෙස ඉල්ලා සිටිනවා. මේ මුස්ලිම් ගම්මානය අවට පදිංචි වී ඇත්තේ සිංහල අයයි. ඒ අයටත් අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට හැකි අයුරින් පුහුණු මධ්‍යස්ථානයක් ‍ ලෙස භාවිත කිරීමට පියවර ගත්තොත් ‍ හොඳයි. විනාශ‍ වෙන ‍ ගොඩනැඟිලි ආරක්ෂා කිරීමට හැකි‍ වෙනවා.

කටු‍පොත