ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් මාපටඟිල්ලේ ආබාධයකින් පෙළුණු වමත් දඟපන්දු යවන මැතිව් කූන්මන් ගෙන්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වය පියවර ගත්තේය.
ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 11ක් ලබාගත් මැතිව් බිග් බෑෂ් ලීග් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් පිලට ක්‍රීඩා කරමින් සිටියදී පන්දු නොයවන අතේ මාපටැඟිල්ල කැඩී ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයක තිබුණද, වෛද්‍ය නිර්දේශ අනුව ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත.
ගාලු තණතිල්ල දඟපන්දුවට වඩාත් හිතකර බැවින් මැතිව් කූන්මන්ගේ සේවය අවශ්‍ය බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා තේරීම් කමිටුවේ විශ්වාසය වී තිබේ. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඔස්ට්‍රේලියානු පිල ඩුබායි අයිසීසී ඇකඩමියේ පුහුණු සැසියක් පැවැත්වුවද මැතිව් කූන්මන් එයට සහභාගි නොවිණි.
මැතිව් කූන්මන්ගේ පන්දු යැවීමේ රිද්මය ආසියානු කලාපයේ තණතිලිවලට වඩාත් හිතකර බවත්, ගාලු තණතිල්ලේ වැඩි වාසි හිමිකර ගැනීමේ හැකියාව ඇති බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වයේ අදහස වේ.
28 හැවිරිදි ඔහු 2023 වසරේ අවසන් උපමහාද්වීප සංචාරයේදී සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි අතර, ඉන්දෝර්හිදී ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවේය.