ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට එයි

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය පවසයි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතරම එය 2023 දී 100 වැනි ස්ථානයේ පසුවූ බවත් එම දර්ශකය සඳහන් කරයි. 2022 දී 102 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය අඛණ්ඩව ප්‍රගතියක් ප්‍රදර්ශනය කරන බව ද ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය කියයි.

ශ්‍රී ලාංකිකයන්ට ගමනාන්ත 44 කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියව ඇති බවත් කලාපීය සහ ගෝලීය ලැයිස්තුවේ පහළින් ඇෆ්ගනිස්තානය කලාපීය වශයෙන් 8 වන සහ ගෝලීය වශයෙන් 106 වන ස්ථානයට පත්ව ඇති අතර ගමනාන්ත 26 කට පමණක් ප්‍රවේශ විය හැකිය.