‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳ, ඒ සඳහා එක්සත් ජනපදයට සහාය විය හැකි ආකාරය මෙන්ම, මේ වන විට රටේ පවතින සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ මෙරට සිටින අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය අතර පැවැත්විණ.
මෙම සාකච්ඡාව බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (22) පැවැත්විණි. මෙහිදී අදාළ කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි ආදම් එල්. මිචෙලෝ, දේශපාලන කටයුතු විශේෂඥ නසීර් මරික්කාර් මහත්වරුන් එක්ව සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා ද එක්වූවාය.