පාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන්යානයක් ලාහෝර් ගුවන්තොටුපොළේ වැරදි ධාවන පථයකට ගොඩ බැස්වීම පිළිබඳ එම ගුවන් සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සවුදි අරාබියේ දමාම් නුවර සිටි පාකිස්තානයේ මුල්ටාන් නුවර බලා පියාසර කළ එම ගුවන්යානය අධික මීදුම් තත්ත්වය හේතුවෙන් ලාහෝර් නුවරට ගොඩ බැස්වීමට උපදෙස් ලැබී තිබූ බවත්, ලාහෝර් ගුවන්තොටුපොළේ ගොඩ බස්වා ඇත්තේ මෙහෙයුම් සඳහා සූදානම් නොකළ ධාවන පථයකට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ප්‍රධාන ධාවන පථයේ ගොඩ බැස්වීම වෙනුවට විදුලි අලෝක සංඥා පවා අක්‍රිය කර තිබූ ධාවන පථයකට ගොඩ බැස්වීමෙන් ගුවන් මගීන්ගේ ආරක්ෂාව අවදානම් තත්ත්වයකට පත්වූ බවත්, එවැනි පියවරක් ගැනීම පිළිබඳ ගුවන් නියමුවන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.