ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ප්‍රැට්‍රික් මහත්වරුන් අතර හමුවක් පසුගියදා (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මේ වනවිට රට තුළ පවතින සමාජීය සහ දේශපාලනික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා මෙහිදී කෙරිණි.

මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ පළමු ලේකම් ටොම් සොපර්, උපදේශක ඉන්සාෆ් බාකීර් මාකර්, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා මහත්ම මහත්මීහු එක්ව සිටියහ.