සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මින් ඉදිරියට රජයට ලබා දෙන සියලු සහායන් ඉවත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දින 64ක් කතා කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බවත් තමන්ට වැදගත් වන්නේ සිය ජනතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීම බවත් රාමනාදන් මහතා පැවසීය.
එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුව ආරම්භ වී දින 64ක් ගතවුවද සිය අදහස් දැක්වීමට වේලාව ලබා නොදීම තුළින් සිය වරප්‍රසාද කඩ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරන බවත් රාමනාදන් මහතා සඳහන් කළේය.
රාමනාදන් අර්චුනා මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දීමේ වගකීම විපක්ෂ නායක, විපක්ෂයේ සංවිධායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
කාලය නියම කිරීම, අදහස් ප්‍රකාශ කරන ස්ථානය නියම කිරීම, කාර්යභාරයට එකඟ වන්නේ නම් කාලය ලබා දීමට හැකි බව එහිදී අදහස් පළ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.