හැටන් ආපණ ශාලා­ව­කින් මිලදී ගත් බත් පිඟානේ කැර­පො­ත්තෙක්

හැටන්හි ආපණ ශාලා­ව­කින් පෙරේදා (21) දහ­වල් ආහා­ර­යට ගත් බත් පිඟානේ කැර­පො­ත්තකු සිටීම සම්බ­න්ධ­යෙන් ආපණ ශාලාවේ හිමි­ක­රුට එරෙ­හිව හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ නෛතික පිය­වර ගැනී­මට කට­යුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සෞන්දර්ය රාග­වන් මහතා පැව­සීය. දිවා ආහා­රය ලබා­ග­නි­මින් සිටි­යදී පිඟානේ මිය­ගිය කැර­පො­ත්තකු සිටීම ගැන ආපණ ශාලාවේ සේව­ක­යන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බ­න්ධ­යෙන් කිසිම තැකී­මක් නොකළ බැවින් පාරි­භෝ­ගි­ක­යෙක් පොලිස් හදිසි ඇම­තුම් ඒක­කය (119) වෙත ඒ ගැන  දැනුම් දී තිබේ. ඒ අනුව  හැටන් පොලී­සියේ නිල­ධා­රින් ආපණ ශාලා­වට ගොස් විම­ර්ශ­න­යක් කරනු ලැබීය. පොලී­සිය ඒ සම්බ­න්ධ­යෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා වෙත දැනුම් දීම­ටද පිය­වර ගත්තේය. ආපණ ශාලාව අපි­රි­සු­දුව පව­ත්වා­ගෙන යෑම ඇතුළු චෝදනා හත­රක් යටතේ එහි හිමි­ක­රුට හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ නෛතික පිය­වර ගැනී­මට කට­යුතු කර ඇති බව මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා පැව­සීය.