සිසු­වි­යන් මාන­සික රෝග­ව­ලට ප්‍රති­කාර ගැනීම ඉහළ ගිහින්-මාන­සික ආත­ති­යෙන් පෙළෙන බව බොහෝ මවු­පි­යන් දන්නේ නෑ – මහ­නු­වර ජාතික රෝහලේ වෛද්‍ය නිල­ධාරි පාලිත බණ්ඩාර

පාසල් සිසු­වි­යන් මාන­සික රෝග ප්‍රති­කා­ර­ව­ලට යොමු­වීම ශීඝ්‍ර­යෙන් ඉහළ යමින් තිබෙන බවත් සම­ලිං­ගික ආදර සබ­ඳතා හා ජංගම දුර­ක­තන භාවි­තය ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවත් මහ­නු­වර ජාතික රෝහලේ වෛද්‍ය නිල­ධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබ­සිංහ මහතා පව­සයි.

තම දරු­වන් ප්‍රති­කාර ලැබිය යුතු මට්ටමේ මාන­සික ආත­ති­ය­කින් පෙළෙන බව බොහෝ මවු­පි­යන් නොදන්නා බවත් ඔවුන් දරු­වන් ප්‍රති­කා­ර­ව­ලට වැඩි වශ­යෙන් රැගෙන එන්නේ විභා­ග­ව­ලට පෙනී සිටීම දරු­වන් ප්‍රති­ක්ෂේප කරන අව­ස්ථා­වල බවත් ඒ මහතා කීය.

බාලක පාස­ල්ව­ලට සාපේ­ක්ෂව බාලිකා පාස­ල්වල අදාළ සිදු­වීම් වාර්තා වීමේ ඉහළ යෑමක් පෙනෙන්න තිබෙන බවත් ක්‍රීඩා කණ්ඩා­ය­ම්ව­ලට ඇතුළු වන නවක දරු­වන් මේ සිදු­වී­ම්ව­ලට ලක්වීම වැඩි බවත් සුබ­සිංහ මහතා කීවේය. පාසල් නේවා­සි­කා­ගා­ර­වල ද මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ යැයි ඒ මහතා පැව­සීය. පාසල් ශිෂ්‍ය කණ්ඩා­යම් මඟින් පව­ත්වා­ගෙන යන වට්ස්ඇප් සමූ­හ­යන් පරි­ශී­ල­නය මඟින් බොහෝ දරු­වන් සම­ලිං­ගික ආදර සම්බ­න්ධ­තා­ව­ලට නැඹුරු වී තිබෙන බව එම දරු­වන් හා කතා කිරීමේ දී තහ­වුරු වන බව ද වෛද්‍ය­ව­රයා කීය.

මේ වන විට නාග­රික බාලිකා පාස­ල්වල දරු­වන් අතර සම­ලිං­ගික ඇසුර ඉහළ ගොස් තිබෙන බවත් මේ සම්බන්ධ තොර­තුරු විදු­හ­ල්ප­ති­වරු හා ගුරු­වරු වසන් කිරීම නිසා දරු­වන් එම ක්‍රියා­ව­න්ව­ලට ඇබ්බැහි වී තමන්ගේ අනා­ගත අර­මුණු කරා යන ගමන අඩාළ කර ගන්නා බවත් වෛද්‍ය­ව­රයා පැව­සීය.

මේ නිසා දරු­වන්  මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වීම පම­ණක් නොව, සිය­දිවි නසා ගැනී­මට පවා පෙල­ඹීමේ ප්‍රව­ණ­තා­වක් ඇතැයි ද ඒ මහතා කීය.

අය­හ­පත් ලිංගික චර්යා­වන්ට ඇබ්බැහි වීම නිසා මේ දරු­වන්ගේ අනා­ගත පවුල් ජීවිත අසා­ර්ථක වීමේ ප්‍රව­ණ­ත­වක් මෙන්ම ඔවුන් ලිංගා­ශ්‍රිත රෝග­ව­ලට ගොදුරු වී‍ෙම් අව­දා­න­මක් ද පව­තින්නේ යැයි සුබ­සිංහ මහතා පැවැ­සීය. මේ හේතු­වෙන් ඇති­වන ගැටලු මුල් කර­ගෙන ඇතැම් සිසුන් තමන්ගේ ශරී­ර­යට තුවාල සිදු කර ගන්නා අවස්ථා වාර්තා වන්නේ යැයි ද වෛද්‍ය­ව­රයා ප්‍රකාශ කළේය.

මෙයට හොඳම විස­ඳුම මූලික අව­ස්ථා­වේ­දීම නිසි ක්‍රම­වේද යටතේ දරු­වන් දැනු­වත් කිරීම යැයි ද ඒ මහතා කීවේය.

පාස­ල්වල කීර්ති­නා­ම­යට හානි වේයැයි සිතා ඇතැම් විදු­හ­ල්ප­ති­වරු අදාළ තත්ත්වය දැන දැනම එය වසන් කරන බවත් එය යහ­පත් තත්ත්ව­යක් නොවන බවත් කී ඒ මහතා, ප්‍රශ්නයේ තරම නිවැ­ර­දිව තේරුම් ගෙන එයට හැකි ඉක්ම­නින් විස­ඳුම් සෙවී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතුව තිබෙන බව ද අව­ධා­ර­ණය කළේය.

මේ ගැට­ලු­වට පාසල් මට්ට­මින් විස­ඳුම් සෙවිය නොහැකි බවත් ඒ සඳහා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සෞඛ්‍ය අංශ­වල ද සහාය ලබා ගනි­මින් නිසි වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතුව තිබෙන බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබ­සිංහ මහතා කීය.