මාලිංග සංවේදී වෙයි

දශ­ක­ය­කට වැඩි කාල­යක් ලෝක ක්‍රිකට් පිටියේ පිති­ක­රු­වන් යෝකර් පන්දු­වෙන් භීති­යට පත් කළ ලසිත් මාලිං­ගගේ කෘතිය Killer : The Magic of Twenty One පසු­ගි­යදා කොළ­ඹදී එළි­ද­ක්වනු ලැබීය.

ඕනෑම පන්දු යව­න්න­කුට අති­ශය වැද­ගත් වන ක්‍රිකට් පිටියේ විශේ­ෂිත පන්දු 21ක් පිළි­බඳ ලියැ­වුණු එම කෘතිය එළි­දැ­ක්වීමේ උත්ස­වය නම් කරනු ලැබුවේ ‘විසි­එකේ මන්තරේ’ ලෙසිනි.

සිය ක්‍රිකට් ජීවි­තය මුව­හත් කර ගැනී­මට අත්වැල සැපයූ සිය­ලු­දෙ­නාට තුති පුද කර­මින් එහිදී ලසිත් මාලිංග සිදු කළ සංවේදී කතාව මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ වැඩි කතා­බ­හට ලක්වී තිබේ.

“මම ගාල්ලේ රත්ග­මින් බිහි­වුණු ක්‍රීඩ­ක­යෙක්. මට ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙක් වෙන්න ලොකුම ශක්තිය වුණේ මගේ අම්මා. ගමේ සෙල්ලම් කරන කොට ලේසි නෑ. ගෙද­රින් හොරාට ගිහින් සෙල්ලම් කරන්නේ. මම එහෙම යන හැම වාර­යක් ගානෙම අම්මා හොයා­ගෙන ඇවිත් මාව ගෙද­රට ඇද­ගෙන යනවා. එහෙම ක්‍රීඩා කරපු කාල­යක් මට තිබුණා. මට අද වගේ මත­කයි 2007 වගේ කාලයේ මම ක්‍රිකට් ටුවර් එක­කට යන්න ක්‍රිකට් බැට් එක එහෙම උඩින්ම තියලා මගේ ගමන් මල්ල සූදා­නම් කර­නවා. අම්මා එතැ­නින් යන ගමන් මගෙන් අහ­නවා, ‘උඹලා බැට් නම් අරන් යනවා, ලකු­ණ­ක්වත් ගහන්නේ නම් නෑ’ කියලා. ඒක ඒ විදි­හ­ටම කිව්වා. මේ කතාව හැම­දාම මගේ මනසේ තිබුණා. ඒත් මට පුළු­වන් වුණා දව­සක් ගාලු ක්‍රීඩාං­ග­ණ­යේදී අම්මා බලා­ගෙන ඉන්න කොටම මගේ පළමු වැනි ලකුණු 50 රැස් කරන්න. ඒ මුරලි අයියා අව­සන් වතා­වට ක්‍රීඩා කළ ටෙස්ට් තර­ග­යයි. ස්තූතියි අම්මේ මාව මේ තත්ත්ව­යට ගෙනා­වාට. ඒ වගේම තාත්තා, මට මත­කයි තාත්තා සී.ටී.බී. එකේ වැඩ කරන කාලේ අපි ස්කූල් මැච් සෙල්ලම් කරද්දි තාත්තා ලන්ච් ටයිම් එකේ ඇවිත් හොරාට මැච් එක බලලා යනවා.” ලසිත් මාලිංග ඉතා සංවේ­දීව එසේ කීවේය.