අවු­රුදු ගණනක් රට බංකො­ලොත් කළ අය මාස දෙකේ ආණ්ඩුව විවේ­ච­නය කර­නවා-“ලෙනින් කිය­වමු” වැඩ­ස­ට­හ­නට එක්වෙ­මින් ජවිපෙ ප්‍රධාන ලේකම් කියයි

“අපේ ආණ්ඩු­වට මාස දෙකක් වුණාට රට විනාශ කළ සහ රට ආර්ථික වශ­යෙන් බංකො­ලොත් කරපු අය අවු­රුදු දෙකක විවේ­චන එල්ල කර­නවා”  යැයි ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

“ලෙනින් කිය­වමු” මැයෙන් කොළඹ මහ­වැලි කේන්ද්‍රයේ දී පැවැති සමරු වැඩ­ස­ට­හ­නට පෙරේදා (21) එක්වෙ­මින් ඒ මහතා මේ බව පැව­සීය.

වස­රක් පාසා පැවැ­ත්වෙන ලෙනින් සමරු වැඩ­ස­ට­හන මෙවර “විප්ල­වීය ව්‍යව­හා­රයේ විශ්වීය සල­කුණ” තේමාව යටතේ පැවැ­ත්විණි. ව්ලැඩි­මි­යර් ලෙනින් අභා­ව­ප්‍රාප්ත වී වසර 101ක් ගත වීම සම­රනු වස් මෙහිදී මිනි­ත්තු­වක නිශ්ශ­බ්ද­තා­වක් ද පළ කෙරිණි.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය,

අපි බලය ගන්න කොට ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් බංකො­ලොත් රාජ්‍ය­යක් බවට පත් වෙලා තිබුණා. දැන් අපේ ආණ්ඩු­වට මාස දෙකක් වෙනවා. නමුත් ආණ්ඩු­වට අවු­රුදු දෙකක විවේ­චන එල්ල කරලා තිබෙ­නවා. පරා­ජ­යට පත් වෙච්ච අපේ හතුරෝ, මේ රට විනාස කරපු සහ මේ රට කඩා වට්ට­වන්න වැඩ කරපු අය, මේ රට බංකො­ලොත් කරපු අය, ඉතාම අව­ල­ස්සන දේශ­පා­ලන සංස්කෘ­ති­යක් බවට රට පත් කරපු අය මේ වැඩේ කර­ගෙන යනවා.

යමක් අලු­තෙන් පටන් ගන්න එක ලේසි නෑ. නමුත් පරණ දේ පවත්වා ගෙන යන එක ලේසියි. අපි අලු­තෙන් යමක් පටන් ගත්තා. පටන් අරන් ඒකේ අත්දැ­කීම් ගොඩක් අපට කියලා තිය­නවා. පහු­ගිය කාලේ ඇතැ­මුන් දැන් හොරු ඇල්ලුව ද කියලා අපෙන් ප්‍රශ්න කළා. අපි දැන් වැඩේ පටන් අර­ගෙන තිබෙන්නේ. ඒ නිසා දැන් ඒ අය කල­බල වෙලා. දැන් කිය­නවා මෙන්න පළි­ගන්න හද­නවා කියලා. අපි මේ රටට කිසිදු ප්‍රශ්න­යක් හදලා නෑ. අපි මේ රටට රටේ ජන­තා­වට මේ මාස කිහි­පයේ කිසිදු වැරැ­ද්දක් කරලා නෑ. අපි අභි­යෝග කර­නවා කාට හරි පුළු­වන් නම් අපි කරපු එක වැරැ­ද්දක් කියන්න කියලා.

මේ රට ගොඩ­නැ­ඟී­මට ජනතා විමුක්ති පෙර­මුණේ පුද්ග­ල­යන් පම­ණක් නොව සිය­ල්ලන්ම එක් විය යුතු වෙනවා. ඕනෑම හොඳ දෙයක් ඕනෑම ක්‍රියා­වක් යහ­පත්ව ඉදි­රි­යට ගෙන යා හැකි වන්නේ ඉදි­රියේ දී සිදු වන අර­ග­ල­යන් සම­ඟයි. එම අර­ගල ජය ගැනී­මට දැනුම සහ ශක්තිය තම දේශ­පා­ලන ව්‍යාපා­ර­යට තිබෙ­නවා. ඒ සඳහා අවශ්‍ය දැනුම, ශක්තිය ලෙනින්ගේ චරි­තය තුළින් ලබා­ගත හැකි යැයි ද හෙතෙම කීවේය.

ජාතික වෘත්තීය සමිති මධ්‍ය­ස්ථා­නයේ ලෙනින් සමරු කමි­ටුවේ සභා­පති චන්දිම විම­ල­සු­රේන්ද්‍ර, ජාතික වෘත්තීය සමිති මධ්‍ය­ස්ථා­නයේ උප සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී චන්දන සූරි­ය­ආ­රච්චි, පක්ෂ සාමා­ජි­ක­යන්, වෘත්තීය සමිති සංවි­ධාන නියෝ­ජි­ත­වරු ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.