අනිල් භාරතී ගීත චාරිකාව නිම කරයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනු­වෙන් අම­ර­ණීය ගීත රැසක් දායද කළ මෙරට ජ්‍යෙෂ්ඨ­තම ගායන ශිල්පි­යකු වන අනිල් භාරතී මහතා (75) රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් පාන­දුර රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඊයේ (22) අභා­ව­ප්‍රාප්ත විය.

වෙනස් ආරක කට­හ­ඩ­කට උරු­ම­කම් කී අනිල් භාරතී මහතා ගායනා කළ බෙත්ලෙ­හෙම් පුරේ ගීතය ජාති ආගම් භේද­යෙන් තොරව මෙරට සිය­ලුම දෙනා එක සේ රස විදී ගීත­යකි. අනිල් භාරතී මහතා නත්තල් ගීත වැඩි වශ­යෙන් ගායනා කරන ගාය­ක­යකු ලෙසද ඉම­හත් ප්‍රසි­ද්ධි­යක් ඉසි­ලීය. “රූ මැදි­යම ගව­ලෙනේ, සීතල ඇයි උදු­වප් මාසේ” වැනි ගීත රැසක් නත්තල වෙනු­වෙන් ඔහු ගායනා කර තිබේ.  “සීතල සඳ එළියේ, බඹ­රෙකු ඇඳුණා, ටිකි­රි­මලී පාසල් යන, ආවා සොයා සොයා,” වැනි ගීතද රසික ජන­තාව අතර ඉම­හත් ජන­ප්‍රි­ය­ත්ව­යක් උසු­ලනු ලබයි.

1950 වසරේ ජන­වාරි මස 08  වැනි දා උපන් අනිල් භාරතී මහතා 70, 80 දශ­කයේ ගෝල්ඩන් චයි­මස් සංගීත කණ්ඩා­යම සමඟ සංගීත ක්ෂේත්‍ර­යට පිවි­සීය. හෙතෙම 1977 දී ක්ලැරන්ස් විජේ­ව­ර්ධන ලියා සංගී­ත­වත් කළ අද වෙයි ඉරු දින ගීත­යෙන් ගායන දිවිය ආරම්භ කළේය. එමෙන්ම ක්ලැරන්ස් විජේ­ව­ර්ධන සමඟ ලෝටස් ඇල්බ­ම­යෙන් ඉන්ද්‍රාණි, අනස්ලි, අනිල් සංක­ල­නය සංගීත ලොව නව ආර­කට ගෙන යන්නට විය.

පාන­දුර, මාල­මුල්ල අනිල් භාරතී පෙදෙසේ පදිං­චිව සිටි ඒ මහතා දෙදරු පිය­කුද වෙයි. කොළඹ වෙස්ලි, පාන­දුර ශ්‍රී සුමං­ගල (පිරිමි), සහ මොර­ටුව වේල්ස් කුමාර විද්‍යා­ල­ව­ලින් අධ්‍යා­ප­නය ලබා ඇති අනිල් භාරතී මහතා ප්‍රවෘත්ති නිවේ­ද­ක­යකු, වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­න්නකු ලෙසින් කට­යුතු කර ඇත.

අනිල් භාරතී මහ­තාගේ දේහය පාන­දුර මහින්ද ජය­කොඩි මල් ශාලාවේ තැන්පත් කිරී­මට නිය­මිත ඇත. අව­සන් කට­යුතු ජන­වාරි 26  වැනි ඉරිදා පාන­දුර මිනු­ව­න්පි­ටිය ආද­හ­නා­ගා­ර­යේදී සිදු­කර හෂ්මා­ව­ශේෂ පාන­දුර එවැ­න්ජ­ලිස්ත ශාන්ත යොහා­න්තු­මගේ දේව­ස්ථාන සුසාන භූමියේ තැන්පත් කිරි­මට නිය­මි­තය.