මහජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබේ.
ඒ අනුව රටකජු රු.100කින්, දුඹුරු සීනි රු.40කින්, අර්තාපල්(ආනයනික) රු.30කින්, රතු කව්පි රු.30කින්, හාල් මැස්සන් රු.20කින්, වියල් මිරිස් රු.15කින්, බාස්මතී සහල්(ප්‍රිමියර්) රු.10කින්, ලොකු ලූණු(ආනයනික) රු.10කින්, පරිප්පු රු.2කින්, සුදු සීනි රු.2කින් මිල ගණන් අඩුකර තිබේ. මෙම භාණ්ඩ ඊයේ(22) දින සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය. වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම භාණ්ඩවල මිල පහළ දැමීමේ තීරණය ගෙන තිබේ.