ශ්‍රී ලංකාව දැන් පසු­වන්නේ දේශ­පා­ල­නයේ හැර­වුම් ස්ථාන­යක-චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ සිචු­වාන් පළාත් ලේකම් හමුවේ ජන­පති කියයි

ආර්ථික සංව­ර්ධ­නයේ පෙර­මුණ ගෙන සිටින චීනයේ සිචු­වාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබ­ඳතා නව තල­ය­කට ගෙන ඒමට ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ සිචු­වාන් පළාත් ලේකම් අතර හමු­වේදී අව­ධා­ර­ණය කෙරිණි.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේ පසු­ගි­යදා (17) පෙර­ව­රුවේ චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ සිචු­වාන් පළාත් ලේකම් වං ෂියා­ඕ­හ්වෙයි (Wang Xiaohui) මහතා හමුවූ අව­ස්ථා­වේ­දීය.

බල­ශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචු­වාන් පළාත ලබා ඇති ජය­ග්‍ර­හ­ණය ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙස මෙහිදී පළාත් ලේක­ම්ව­ර­යාට ආරා­ධනා කළ ජනා­ධි­ප­ති­ව­රයා මේ වන­විට ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් ස්ථාවර වෙමින් පව­තින බවත්, විනි­වි­ද­භා­ව­යෙන් යුත් පාල­න­ය­කින් රට තුළ ආයෝ­ජන සඳහා ඉතා හිත­කර පරි­ස­ර­යක් නිර්මා­ණය වී තිබෙන බවත් පැව­සීය.

මේ වන­විට ශ්‍රී ලංකාව පසු­වන්නේ දේශ­පා­ල­නයේ හැර­වුම් ස්ථාන­යක බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා උතුර, නැඟෙ­න­හිර, බට­හිර, දකුණ සියලු ජන­තාව එක්ව තුනෙන් දෙකක බල­යක් දෙමින් වත්මන් රජය බල­යට පත් කර ගත් බවත්, එම ජන­ව­රම තුළ ජන­තාව තැබූ අපේක්ෂා උප­රි­ම­යෙන් ඉටු කිරී­මට රජය කැපවී සිටින බවත් සඳ­හන් කළේය.

චීන සංචා­ර­ක­යන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගම­නා­න්ත­යක් බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා විශිෂ්ට ආග­න්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචා­රය කිරී­මට සිචු­වාන් ජන­තා­වට ආරා­ධනා කරන බව ද පැව­සීය.

සිය ඓති­හා­සික සංස්කෘ­තික උරු­මය රැක­ග­නි­මින් සංව­ර්ධ­න­යෙහි අරු­ණැ­ල්ලෙන් පිබි­දෙන සිචු­වාන් පළාතේ චන්දු නග­රය චීනයේ සතු­ටින්ම සිටින ජන­තාව ජීව­ත්වන නග­ර­යක් ලෙස ප්‍රමු­ඛ­ස්ථා­න­යක් ගෙන තිබේ. ආර්ථික සංව­ර්ධ­නය අතින් ද සෑම­වි­ටම පෙර­මුණේ සිටින සිචු­වාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘ­තික, සංචා­රක මෙන්ම අන්තර් රාජ්‍ය සබ­ඳතා ශක්ති­මත් කර ගනි­මින් නව තල­ය­කට ඔසවා තැබීම පිළි­බඳ මේ හමු­වේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත්, ප්‍රවා­හන , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.