මනූෂගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ තැනැ­ත්තන්, වෙ‍ෙළ­ඳාම හා ජාවා­රම් විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථානා­ධි­ප­ති­ව­රයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­ප­ති­ව­රයා ඇතුළු පාර්ශ්ව කිහි­ප­යක් වග­උ­ත්ත­ර­ක­රු­වන් බවට පත් කර­මින් කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානා­ය­ක්කාර මහතා විසින් මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කර තිබේ.

මෙම මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම ගොනු කර­මින් හිටපු අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් කට­යුතු කළ කාල­යේදී ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් සෘතු­මය වීසා ක්‍රම­වේ­දය යටතේ දකුණු කොරි­යාව වෙත යොමු කිරීම සඳහා අත්සන් කරන ලද අව­බෝ­ධතා ගිවි­සුම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­ප­ති­ව­රයා විසින් කර ඇතැයි පැව­සෙන පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු කරන විම­ර්ශ­නය හුදු දේශ­පා­ලන එදි­රි­වා­දි­කම් මත පද­නම්ව ද්වේශ­ස­හ­ග­තව සහ අනී­තික ලෙස සිදු කරන බවය.

එමෙන්ම ඒ හරහා තමන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් බවට කරුණු අනා­ව­ර­ණය වී ඇති බවත්, එම­ඟින් සිය මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවත් හිටපු අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කර ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය මනූෂ නානා­ය­ක්කාර සිය පෙත්සම මඟින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අතර ඉදි­රි­යේදී එම පෙත්ස­මට අදා­ළව පෙත්ස­ම්ක­රුගේ නීති­ඥ­යන් විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ කරුණු තහ­වුරු කිරී­මට අපේක්ෂා කරන බව ද සඳ­හන් කර තිබේ.