බොලි­වුඩ් නළු­වාට පිහි­යෙන් ඇන පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට-ව්‍යාජ නම­කින් පෙනී සිටි බංග්ලා­දේශ ජාති­ක­යෙක් බව පොලී­සිය කියයි

සුප්‍ර­කට බොලි­වුඩ් නළු සයිෆ් අලි­ඛාන්ගේ නිවෙ­සට පැන ඔහුට පිහි ප්‍රහා­ර­යක් එල්ල කර පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර සිට කිලෝ­මී­ටර් 35ක් පමණ දුරින් පිහිටි තානි දිස්ත්‍රි­ක්ක­යේදී අත්අ­ඩං­ගු­වට පත්වී ඇති එම සැක­කරු 30 හැවි­රිදි මොහො­මඩ් ෂරි­ෆුල් ඉස්ලාම් ශෙහ්සාඩ් නමැති බංග්ලා­දේශ ජාති­ක­යකු බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම සැක­කරු සයි‍ෆ් අලිඛාන්ගේ නිවෙ­සට ඇතුළු වී ඇත්තේ සොර­ක­මට බව මූලික පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වූ බව මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් මුම්බායි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­යකු ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය. ඔහු දින 5 ක කාල­සී­මා­ව­කට පොලිස් රැඳ­වුම් භාරයේ තබා ගැනී­මට අධි­ක­ර­ණ­යෙන් අව­සර ලැබී තිබේ.

සැක­කරු සතුව ඉන්දීය ජාති­ක­ත්වය තහ­වුරු කරන හැඳු­නු­ම්ප­තක් හෝ සෙසු ලිපි­ලේ­ඛන කිසි­වක් නොතිබූ බවත්, ලද තොර­තු­රු­ව­ලට අනුව ඔහු බංග්ලා­දේශ ජාති­ක­යකු බවට අනු­මාන කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. බිජෝයි රෝයි නමින් මාස 4කට අධික කාල­යක් මුම්බායි නුවර පදිංචි වී සිටි සැක­කරු එම කාලය තුළ පෞද්ග­ලික සමා­ග­මක සුළු රැකි­යා­වක නිර­තව සිටි බව ද වාර්තා වේ.

සයිෆ් අලිඛාන්ගේ සිදු­වී­මෙන් පසු සැක­කරු සොයා ගැනී­මට සීසී­ටීවී දර්ශන තුළින් ලබා­ගත් ඔහුගේ ඡායා­රූප ඉන්දි­යාවේ සිය­ලුම ප්‍රාන්ත­වල පොලිස් ස්ථාන වෙත යවා තිබූ අතර, ඒ අනුව මුම්බායි නුවර සිට කිලෝ­මී­ටර් දහ­සක පමණ දුරින් පිහිටි චටි­ස්ගාර්ත් ප්‍රාන්තයේ ඩර්ග් දුම්රිය ස්ථාන­යේදී ඔහුගේ හැඩ­රු­වට සමාන සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට පත්වූ බව වාර්තා වේ. කෙසේ වුවද බංග්ලා­දේශ ජාති­කයා අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු එම සැක­කරු නිද­හස් කර ඇතැයි ද වාර්තා වේ. පිහි ඇනු­මෙන් පසු හදිසි සැත්ක­ම­කට ලක්වූ සයිෆ් අලි ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන ­විට යහ­පත් අතට හැරෙ­මින් පව­තින බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කර තිබේ.