අමෙ­රි­කාවේ ටික්ටොක් තහ­නම ක්‍රියා­ත්මකයි

නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවු­රුම් දීමට පැය කිහි­ප­යක් ඉති­රිව තිබි­යදී එරට මිලි­යන 170ක ජන­තා­වට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහ­නම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව පුරා තරුණ පර­පුර අතර උන්මා­ද­යක් බවට පත්වී ඇති ටික් ටොක් සමාජ මාධ්‍ය­ජා­ලය අමෙ­රි­කාව තුළ තහ­නම් කිරීම පිළි­බඳ පසු­ගිය මාස කිහි­ප­යක් පුරා උද්ගත වූ කතා­බහ ඒ සම­ඟම අව­සන් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කානු රජය ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ලය තහ­නම් කිරී­මට නීති­යක් ස්ථාපිත කිරී­මට එරෙ­හිව එම සමාජ මාධ්‍ය­ජා­ලය අභි­යා­චා­නා­ධි­ක­ර­ණයේ පෙත්ස­මක් ගොනු කළද එම පෙත්සම නිෂ්ප්‍රභා වීමත් සමඟ ටික්ටොක් තහ­නම ක්‍රියා­ත්මක කිරී­මට රජ­යට නීත්‍යා­නු­කූ­ලව අව­සර ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ වන­විට අමෙ­රි­කානු ගූගල් වෙබ් අඩ­වි­යෙන් හා ඇපල් ජංගම දුර­ක­ත­න­ව­ලින් ටික්ටොක් මෘදු­කාං­ගය ඉවත් කර ඇති අතර, අමෙ­රි­කානු රජය විසින් අනු­මත කරනු ලබන එරට ගැනු­ම්ක­රු­ව­කුට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අලෙවි කිරී­මට එම සමාජ මාධ්‍ය­ජා­ලය අයිති චීන සමා­ග­මට තව­දු­ර­ටත් කල් දීම හෝ නොදීම අද ජනා­ධි­ප­ති­ධු­රයේ දිවු­රුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් තීර­ණය කරනු ඇතැයි ද වාර්තා වේ