19න් පහළ ලෝක කුස­ලාන ක්‍රිකට් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ සුපිරි ජය­කින් තර­ගා­ව­ලිය අර­ඹති

දැහැමි සෙනෙත්මාගේ විශිෂ්ට පිති­හ­ර­ඹ­යත්, චමෝදි ප්‍රබෝධා ප්‍රමුඛ පන්දු යව­න්නි­යන්ගේ දක්ෂ පන්දු යැවී­මත් හේතු­වෙන් අවු­රුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් සහ­භා­ගිවූ පළමු තර­ග­යෙන් ලකුණු 139ක සුපිරි ජයක් හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

‘ඒ’ කාණ්ඩය යටතේ සත්කාර මැලේ­සි­යානු පිල සමඟ ඊයේ ක්වාලා­ල­ම්පූර්හි බයු­මස් ඕවල් පිටි­යේදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩා­යම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හමුවේ මැලේ­සි­යානු පිලට සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 23ක් පමණි.

මෙය අවු­රුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ඉති­හා­සයේ කණ්ඩා­ය­මක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූ අතර, ශ්‍රී ලංකා ජය කණ්ඩා­ය­මක් ලකුණු පර­ත­රය අනුව වාර්තා කළ දෙවැනි ඉහ­ළම ජය විය.

මින් පෙර පසු­ගි­ය­වර (2023) තර­ගා­ව­ලි­යේදී එංග­ල­න්තය හමුවේ සිම්බාබ්වේ පිල ලකුණු 25කට දැවී ගොස් තිබූ අතර, එම තර­ග­යෙන් එංග­ල­න්ත­යට ලකුණු 174ක ජයක් හිමි විය.

ඊයේ තර­ග­යේදී නූර් ආලියා බින්ටි ලකුණු 7ක් රැස් කර­මින් මැලේ­සි­යානු ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, සුව­බිකා මනි­ව­න්නන් ලකුණු 6ක් රැස් කළාය. සෙසු පිති­කා­රි­නි­යන්ට ලකුණු 5 සීමා­වට පිවි­සී­මට අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, පිති­කා­රි­නියෝ 6 දෙන­කුම ලකුණු නොලබා දැවී ගියහ. දක්ෂ පන්දු යැවී­මක නිර­තවූ චමෝදි ප්‍රබෝධා ඕවර 4කදී නිල­කුණු ඕවර 2ක් ද සමඟ ලකුණු 5කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ලිමන්සා තිල­ක­රත්න ලකුණු 3කට කඩුලු 2ක් සහ මනුදි නානා­ය­ක්කාර ලකුණු 8කට කඩුලු 2ක් දවා ගත්හ.

මැලේ­සි­යානු පිලේ ආරා­ධ­න­යෙන් පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දුන් සංජනා කාවින්දි පන්දු 13කින් ලකුණු 30ක් රැස් කළේ හතරේ පහර 6ක් සම­ඟිනි. ඇය පළමු කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු පිටි­යට පිවිසි දැහැමි සෙනෙත්මා ඉනිමේ අව­සන් ඕවර තෙක් පිටියේ රැඳෙ­මින් පන්දු 52කින් ලකුණු 55ක් රැස් කළාය.

තෙවැනි කඩු­ල්ලට නායිකා මනුදි නානා­ය­ක්කාර (14) සමඟ එක්ව පන්දු 31කින් ලකුණු 40ක් රැස් කළ දැහැමි, මනු­දිගේ දැවී යෑමෙන් අන­තු­රුව හිරුණි හංසිකා සමඟ එක්ව පන්දු 41කින් ලකුණු 49ක් එක් කළාය. හිරුණි පන්දු 21කින් ලකුණු 28ක් රැස් කළාය. දැහැමි තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස සම්මාන ලැබූ අතර, පන්දු යැවී­මේදී සිටි නවාස් කඩුලු 2ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා පිල සහ­භාගි වන තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය හෙට (21) බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව ක්වාලා­ල­ම්පූර්හි බයු­මස් ඕවල් පිටි­යේ­දීම පැවැත්වේ.

ඉන්දි­යා­වට ජය

මේ අතර ඊයේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවති අනෙක් තර­ග­යෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි­කර ගැනී­මට ඉන්දීය ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

බට­හිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති තර­ග­යේදී කොදෙව් පිල ලකුණු 44කට දවා­ගත් ඉන්දීය පිල ඕවර 4.2කදී ජය හිමි කර ගත්තේ කඩු­ල්ලක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩා­යම – 162/6 (ඕවර 20) දැහැමි සෙනෙත්මා 55, සංජනා කාවින්දි 30, හිරුණි හංසිකා 28, මනුදි නානා­ය­ක්කාර 14, ශෂිනි ගිම්හානි නොදැවී 13 (සිටි නවාස් 31/2)

මැලේ­සි­යානු 19න් පහළ කාන්තා කණ්ඩා­යම – 23 (ඕවර 14.1) නූර් ආලියා බින්ටි 7 (චමෝදි ප්‍රබෝධා 5/3, ලිමන්සා තිල­ක­රත්න 3/2, මනුදි නානා­ය­ක්කාර 8/2)