බැති­ම­තුන් වැඩි පිරි­ස­කට හජ් වන්ද­න­යට ඉන්දි­යාව හා සෞදි රජය අතර ගිවි­සු­මක්

මේ වස­රේදී හජ් වන්ද­නය සඳහා ඉන්දි­යාවේ ඉස්ලාම් බැති­ම­තුන් වැඩි ප්‍රමා­ණ­ය­කට අව­ස්ථාව ලබා­දීම අර­මුණු කර­මින් ඉන්දි­යාව හා සෞදි අරා­බිය අතර ද්විපා­ර්ශ්වික ගිවි­සු­මක් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යා­වට ලබා දෙන හජ් කෝටාව දස­ද­හ­ස­කින් ඉහළ දමන ලෙස ඉන්දි­යාව ඉල්ලී­මක් කර ඇතැයි ද, එම ගිවි­සුම අත්සන් කිරීම සඳහා ඉන්දි­යාවේ සුළු­තර ප්‍රජා කට­යුතු ඇමැති කිරන් රජ්ජු සෞදි අරා­බියේ නිල සංචා­ර­ය­කද නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම සංචා­ර­යේදී ඉස්ලාම් බැති­ම­තුන්ගේ ගුවන් ගමන් හා සෙසු පහ­සු­කම් පිළි­බඳ ඉන්දීය අමා­ත්‍යා­ව­රයා හා සෞදි අරා­බියේ අමා­ත්‍ය­ව­රුන් අතර සාක­ච්ඡා­වක් පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඉස්ලාම් දහ­මට අනුව සෑම මුස්ලි­ම්ව­ර­ය­කුම සිය ජීවිත කාලය තුළ අවම වශ­යෙන් එක් වතා­වක් හෝ ඉටු කිරී­මට අපේක්ෂා කරන හජ් වන්ද­නය සඳහා මේ වස­රේදී ඉස්ලාම් බැති­ම­තුන් වැඩි ප්‍රමා­ණ­ය­කට අව­ස්ථාව ලබා­දීම ඉන්දීය රජයේ අපේ­ක්ෂාව වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.