විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිඵල ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසුදු තත්ත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදු කෙරෙන,නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය 16 වැනි දින මේ සාකච්ඡාව පැවැත්විණි.
ඉතිහාසය පුරා මෙරට ස්වාභාවික සම්පත් ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන බිහිකර අපනයනය කරයි. ස්වාභාවික සම්පත්, අමුද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් අපනයනය කිරීම සිදු වේ. ඒ අතරම මෙරට සිදු කරන පර්යේෂණවලින් ගොඩනැඟෙන නව දැනුම සහ තාක්ෂණය වාණිජකරණය නොකිරීමේ විශාල ගැටලුවක් පවතියි. මේ සඳහා පිළියම් යෙදීමේ නව රජයේ වැඩපිළිවෙළට අනුව යන ඉදිරි පියවරක් ලෙස මේ ව්‍යාපෘතියට සුවිශේෂී වැදගත් ස්ථානයක් හිමි වේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන්, මේ ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අදහස් කරන පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් අතර මේ සාකච්ඡාව පැවැත්විණි.මේ තාක්ෂණික ක්‍රමවේදය වාණිජ මට්ටමට ප්‍රවර්ධනය කිරීමෙන් රටට ආර්ථික ප්රතිලාභ හිමි කරගැනීමට ඇති අවස්ථා පිළිබඳ අදාළ පාර්ශ්ව අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සාකච්ඡාවේ අරමුණ විය.ඒ අනුව අවබෝධතා ගිවිසුමක් මත ව්‍යාපෘතියේ ඉදිරි පියවරවලට ළඟවීමට නියමිතය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවාවි, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය අතුල සුමතිපාල,මහාචාර්ය සිරිල් විජේසුන්දර, ආචාර්ය අතුල විජේසිංහ, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වන චෙරන්ත ද සිල්වා, කපිල ද සිල්වා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සේනවීර, ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරි මහාචාර්ය අජිත් ද අල්විස්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපුල් සොන්නාදර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.