ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

අමෙ­රි­කාවේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂි­න්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩ­නැ­ඟි­ල්ලේදී දිවු­රුම් දීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය සඳහා ධවල මන්දි­ර­යට යෑමට නිය­මිත නව ජනා­ධි­ප­ති­ව­රයා එම සම්ප්‍ර­දා­යික උත්ස­ව­යේදී අග­වි­නි­සුරු ජෝන් රොබර්ට්ස් ඉදි­රියේ දිවු­රුම් දීමේ අව­ස්ථාව සංගීත ප්‍රසං­ග­ය­කින් සහ විචි­ත්‍ර­වත් අංග රැස­කින් යුතුව සිදු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මේ අව­ස්ථා­වට හිටපු ජනා­ධි­පති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිය ජිල් බයිඩ්න් ද සහ­භාගි වන බව තහ­වුරු කර ඇති අතර, ට්‍රම්ප්ගේ ජනා­ධී­ප­ති­ව­ර­ණයේ විශා­ල­තම කොට­ස්ක­රුවා වූ ලොව වඩාත්ම ධන­වත් පුද්ග­ල­යන් අතර මේ වන විට දෙවැනි ස්ථානයේ පසු­වන ඉලෝන් මස්ක් , එම ලැයි­ස්තුවේ තුන්වැනි ස්ථානයේ සිටින ජෙෆ් බෙසෝස් හා සිවු­වැනි ස්ථානයේ පසු­වන මාර්ක් සක­ර්බර්ග් ඇතුළු ආරා­ධිත අමු­ත්තන් රැසක් ද එක්වී­මට නිය­මිත බව වාර්තා වේ. මීට අම­ත­රව ඇපල් මෘදු­කාංග සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී ටිම් කුක්ට සහ ටික්ටොක් ප්‍රධාන විධා­යක නිල­ධාරී ෂෝ චූ ට ද ඔහු ඇර­යුම් කර ඇතැයි වාර්තා වේ.

අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­රුන්ගේ දිවු­රුම් දීම මීට පෙර මහ­ජ­න­තා­වට දැක­බලා ගත හැකි ආකා­ර­යෙන් කොන්ග්‍රස් ගොඩ­නැ­ඟිල්ලේ පිය­ගැ­ට­පෙළ මත සිදු­වූ­වද, මෙවර ශාලාව ඇතු­ළත සිදු කිරී­මට නිය­මි­තව ඇත්තේ වසර 40කට පසු පළමු වතා­වට බව ද වාර්තා වේ. නව ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් අනු­ග­ම­නය කර­මින් එම පිය­වර ගෙන ඇත්තේ මේ දින­වල අග­නු­වර පව­තින අධික සීත දේශ­ගු­ණික තත්ත්වය ද සැල­කි­ල්ලට ගනි­මින් බව වාර්තා වේ. අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යකු අව­සන් වරට ශාලාව ඇතු­ළ­තදී දිවු­රුම් දෙනු ලැබුවේ 1985දී බවත්, එවර රොනල්ඩ් රේගන් එම පිය­වර ගෙන ඇත්තේ ද එව­කට පැවැති සීත දේශ­ගු­ණික තත්ත්වය හේතු­වෙන් බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ජනා­ධි­ප­ති ­ධු­රයේ දිවු­රුම් දීමේ උත්ස­ව­යට සහ­භා­ගි­වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිය මෙල­නියා ට්‍රම්ප් හා ඔවුන්ගේ පුත්‍රයා වන බාරෝන් සමඟ ඊයේ උදෑ­සන අග­නු­ව­රට පැමිණ ඇති අතර, ඊට පෙර ඔහු වර්ජි­නියා ප්‍රාන්තයේ පිහිටි සිය වතු­යා­යේදි සමී­ප­තම හිත­ව­තුන් 500ක් සහ­භා­ගිවූ අති­වි­ශාල ප්‍රිය සම්භා­ෂණ තුනක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.