අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව නාවික හමුදාව අවධාරණය කරයි. ඒ අනුව දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල ප්‍රදේශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරුණු අතර,මේ වන විට සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් පවතී.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අධික වර්ෂාපතනය හේතුවෙන් පදවිය, මාඔය පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් ජීවිතාරක්ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරිණි. ඒ අනුව සහන කණ්ඩායම්, ඊයේ (19) වන විටද ජලයෙන් යටවී ඇති පදවිය බුද්ධංගල මාර්ගය හරහා මහජනතාවට ආරක්ෂිතව ගමන් කිරීමට පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් සිදු කෙරිණි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීමට අවශ්‍යතාව මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් පනහක් (50) සූදානමින් තබා ඇත.