වැස්ස තව­දු­ර­ටත්

  • පවුල් 10ක පුද්ග­ලයෝ 51ක් යාපනේ 219ක් පීඩා­වට
  • ජලාශ 73න් 58ක්ම වාන් දමයි
  • ගල්ඔය සහ මල්ව­තු­ඔය ද්‍රෝණි­ව­ලට අන­තුරු ඇඟ­වීම්

උතුරු, උතුරු-මැද, නැඟෙ­න­හිර, ඌව, මධ්‍යම පළා­ත්වල පව­තින වැසි තත්ත්වයේ යම් අඩු­වී­මක් සමඟ වැසි තත්ත්වය තව­දු­ර­ටත් බලා­පො­රොත්තු වන බව කාර්යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ සචිත් වික්‍ර­ම­සූ­රිය මහතා පැව­සීය. අද දිනයේ දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­වල අහස වළා­කු­ලින් බරව පවතී. නැඟෙ­න­හිර සහ ඌව පළා­ත්ව­ලත් මාතලේ, නුව­ර­එ­ළිය, පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ස්ථාන­ව­ලට මි.මී.100ක පමණ තද වැසි ඇති­විය හැකිය. සෙසු ප්‍රදේ­ශ­වල තැනින් තැන වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති වේ. මඩ­ක­ල­පුව සිට පොතු­විල් හරහා හම්බ­න්තොට දක්වා වෙර­ළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේ­ශ­වල මුහුදු රළ මීටර් 2.0 -2.5 ක් පමණ ඉහළ යෑමේ හැකි­යා­වක් පවතී. ඊයේ(19) පස්වරු 8.30න් අව­සන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂා­ප­ත­නය මි.මී. 178ක් ලෙස ත්‍රිකු­ණා­ම­ලය ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. ඊයේ පස්ව­රුව වන­විට වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පාල­නය වන ප්‍රධාන ජලාශ 73න් ජලාශ 58ක් වාන් දම­මින් පැවැති බව වාරි­මාර්ග අධ්‍යක්ෂ (ජල කළ­ම­නා­ක­රණ) ඉංජි­නේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැව­සීය.

අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් පෙරේදා (18) ප.ව 6.00 සිට ඊයේ(19) පෙ.ව 6.00 වන විට කුරු­ණෑ­ගල, අනු­රා­ධ­පු­රය, නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්වල තද සුළං, ජල ගැලීම්, ගිනි ගැනීම් හේතු­වෙන් පවුල් 10ක පුද්ග­ල­යන් 51 දෙනෙක් බල­පෑ­මට ලක්වූ බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය වාර්තා­වක් නිකුත් කර­මින් සඳ­හන් කරයි. අර්ධ නිවාස හානි 09කි. ආර­ක්ෂිත ස්ථාන 04ක පවුල් 09ක පුද්ග­ල­යන් 46ක් සිටි බවද එහි සඳ­හන් වේ. ඊයේ(19) පෙර­ව­රුව වන විට මහ­වි­ල­ච්චිය, මහ­ක­න­ද­රාව, රාජාං­ග­ණය, නාච්චා­දූව, කලා­වැව, නුව­ර­වැව, අංග­මුව, මාන­න්ක­ට්ටිය, වාහ­ල්කඩ, පද­විය, දැදු­රු­ඔය, මින්නේ­රිය, කවු­ඩුල්ල, මොර­ග­හ­කන්ද, පරා­ක්‍රම සමු­ද්‍රය, උල්හි­ටිය – රත්කිඳ, සේනා­නා­යක සමු­ද්‍රය ජලා­ශ­වල වාන් දොරටු විවෘත කර තිබිණ. බදුල්ල, මහ­නු­වර, කුරු­ණෑ­ගල, මාතලේ දිස්ත්‍රි­ක්ක­වල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය නාය­යාම් පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ දෙවන සහ පළමු අදි­යරේ නිවේ­දන නිකුත් කර තිබේ. අද පෙර­ව­රුව දක්වා එම අන­තුරු ඇඟ­වීම් වලංගු වේ.

මහ­වැලි ගඟ ද්‍රෝණියේ දිඹු­ලා­ගල, එච්ච­ල­ම්ප­ට්ටෙයි, හිඟු­ර­ක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝර­ලෙ­යි­පත්තු උතුර, ලංකා­පුර, මැදි­රි­ගි­රිය, මුතූර්, සේරු­විල, තම­න්ක­ඩුව, තම්ප­ල­ක්ක­මම්, වැලි­කන්ද ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ව­ල­ටත් ගංව­තුර අන­තුරු ඇඟ­වීම් නිකුත් කර තිබේ. මල්ව­තු­ඔය ද්‍රෝණියේ වෙන්ග­ල­චෙ­ඩ්ඩි­කු­ලම්, මඩු, මුසාලෛ, නැන­ඩ්ඩාන් ප්‍රාදේ­ශීය කොට්ඨාස සඳහා රතු නිවේ­දන නිකුත් කර ඇත. මුන්දෙනි ආරු ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට ගංව­තුර තත්ත්ව­යක් ඇති­වීමේ හැකි­යාව පව­තින බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු අඟවා සිටී.

අපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි­ප්පිලි මහතා –

අවු­කන විහා­ර­ස්ථා­නය අසල මාර්ග අව­හිර වීමක් ඊයේ වාර්තා වුණා. සෝමා­ව­තිය මාර්ගයේ ජල ගැලීම් තව­මත් අපට වාර්තා වෙමින් පව­ති­නවා. මහි­යං­ග­ණය, මහ­නු­වර මාර්ගයේ උඩු­දු­ම්බර හන්දියේ සිට කහ­ට­ගොල්ල නාන පීල්ල අසල මාර්ග­යට ගල් සහ පස් කන්දක් කඩා වැටීම වාර්තා වුණා. පසුව එය යථා තත්ත්ව­යට පත්කළා .එම ප්‍රදේ­ශයේ තව­මත් අව­දා­නම් තත්ත්ව­යක් පව­ති­නවා. නුව­ර­එ­ළිය, හඟු­ර­න්කෙත මාර්ගයේ කඳ­පොළ සිට කි.මී දෙකක් පමණ හඟු­ර­න්කෙත දෙසට යෑමේදී පස් කණ්ඩි­යක් කඩා වැටී­මෙන් මාර්ගය ඊයේ පස්ව­රුව වන විට වසා තිබිණ. යාප­නය දිස්ත්‍රි­ක්කයේ තද සුළං සහිත තත්ත්ව­යක් ඊයේ(19) දහ­වල් වාර්තා වුණා.ඒ නිසා යාපනේ ප්‍රාදේ­ශීය කොට්ඨා­සයේ ඉන් පුද්ග­ල­යන් 219ක් පීඩා­වට පත්විය. ගල්ඔය ද්‍රෝණි­ය­ටත් අන­තුරු අඟවා තිබේ. ආප­දා­ව­ලට ලක්වූ සියලු පුද්ග­ල­යන් වෙනු­වෙන් ආපදා සහන ලබා දෙනවා. මැද­ව­ච්චිය ප්‍රදේ­ශයේ කඩ­වා­ර­ගම වැවේ වැව් බැම්මේ අව­දා­නම ඉවත් කිරී­මට පිය­වර ගෙන තිබේ. ඔනෑම අපදා තත්ත්ව­ය­කදී 117 දුර­ක­තන අංක­යට දැනුම් දිය හැකිය.