ගත වූ වසර 5 ඇතුළත පාකිස්තානයේ සයිබර් අපරාධකරුවන් වරදකරුවන් බවට පත් කිරීමේ අනුපාතය 5%කට වඩා අඩු මට්ටමක පවතින බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තානයේ ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 139ක් වන බවත්, අන්තර්ජාල භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 143 ඉක්මවන බවත් සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වුවද සයිබර් අපරාධ නීති පිළිබඳ මහජන අවබෝධයක් නොතිබීම හේතුවෙන් සයිබර් අපරාධකරුවන් ලෙස වරදකරුවන් වී ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ දත්තවලට අනුව 2020 සිට සයිබර් අපරාධ අංශයට පැමිණිලි ලක්ෂ 6කට වඩා ලැබී ඇතැයිද, අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් 7,020ක් පමණක් බව ද වාර්තා වේ. ඉන් වරදකරුවන් බවට පත්වී ඇත්තේ 222ක් පමණක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සයිබර් අපරාධකරුවන් වරදකරුවන් කිරීමේ අනුපාතය 3.16%ක් දක්වා පහත වැටී ඇති බවත් ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.