ප්‍රාඩෝ­වක් මොර­ගහ ඔයට පෙරැළී විශ්‍රා­මික ගුරු අඹු­සැමි යුව­ළක් මරුට

පන්විල පොලිස් වසමේ හුළු­ගඟ බැද්දේ­ගම මාර්ගයේ බැද්දේ­ගම පාලම අසල දී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ­යක් අඩි 300ක පමණ බෑවු­මක් ඔස්සේ මොර­ගහ ඔයට පෙර­ළී­මෙන් එහි ගමින් ගත් අඹු­සැමි යුව­ළක් මිය­ගොස් තිබේ. අන­තුර ඊයේ (19) පස්වරු 2.00ට පමණ සිදුව තිබෙන අතර ජීප් රථයේ රියැ­දුරු දියේ ගිලී අතු­රු­දන්ව ඇති බවට පොලී­සිය සැක කරයි. අන­තු­රින් කාන්තා­වක් සහ තවත් අයෙකු තුවාල ලබා පන්විල රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. මිය­ගොස් ඇත්තේ බද්දේ­ගම තව­ල­ම්තැන්නේ පදිංචි 82 හැවි­රිදි විශ්‍රා­මික විදු­හ­ල්ප­ති­ව­ර­යකු වන කපු­රු­කැ­ටියේ ප්‍රේම­සු­න්දර හා ඔහුගේ බිරිය වන 77 හැවි­රිදි ආර්.ජී. කරු­ණා­වතී නමැති විශ්‍රා­මික ගුරු­මා­තා­වකි.මිය­ගිය යුවළ මහ­නු­වර පොලී­සියේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුගේ බිරි­යගේ මව සහ පියා බව පොලී­සිය පව­සයි.

ජීප් රථයේ ගමන් ගත් පිරිස ප්‍රදේ­ශයේ පැවති ආග­මික උත්ස­ව­ය­කට සහ­භාගි වී ආපසු නිවෙස බලා යමින් සිටිය දී මේ අන­තු­රට මුහුණ පා ඇත. දියේ ගසා­ගෙන ගොස් අතු­රු­දන් වූ පුද්ග­ලයා සොයා පොලී­සිය, නාවික හමු­දාව සහ ප්‍රදේ­ශ­වා­සීන් එක්ව මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර තිබේ. තෙල්දෙ­ණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීතිඥ රොෂාන් අම­ර­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පන්විල පොලී­සිය අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.