දේශ­පා­ලන ඇඟිලි ගැසීම් නැතිව දැන් පොලී­සිය රාජ­කාරි කර­නවා-වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය

පොලි­ස්ප­ති­ව­ර­යාගේ සිට පහ­ළට සෑම තරා­ති­ර­මක නිල­ධා­රි­ය­කු­ටම දේශ­පා­ලන බල­පෑ­ම­කින් තොරව රාජ­කාරි කිරී­මට අව­ස්ථා­වක් දැන් ලැබී තිබෙන බව වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සඳ­හන් කරයි.

දේශ­පා­ලන බල­පෑ­ම­කින් තොරව පව­තින නීති රාමුව තුළ ක්‍රියා­ත්මක වීමට පොලී­සි­යට බලය ලැබී ඇති බැවින් එහි ප්‍රති­ලාභ ලැබෙන්නේ ද මහ­ජ­න­තා­වට බව වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පෙන්වා දෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී පසු­ගි­යදා (17) පැවති මාධ්‍ය හමු­ව­කදී වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ඒ බව සඳ­හන් කළේය.

නාවල නිහාල්, ගෝන­වල සුනිල්, වම්බොට්ටා ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ගේ දැඩි වර්ධ­න­යට දේශ­පා­ල­නයේ සම්බ­න්ධ­කම් තිබුණු බව හැමෝම දන්නා රහ­සක් බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා මෙහිදී සඳ­හන් කළේය. හැම සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කා­ර­යකු පිටු­ප­සම දේශ­පා­ල­නය තිබුණු බව පෙන්වා දෙන වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පව­සන්නේ පොලී­සි­යට මෙම සංවි­ධා­නා­ත්මක අප­රාධ සහ අප­රා­ධ­ක­රු­වන් මැඬ­ලී­මට හැකි­යාව තිබු­ණත් යම් යම් දේශ­පා­ලන බල­පෑම් තිබුණු බවය.

Òසංවි­ධා­නා­ත්මක අප­රාධ පිටු­පස දේශ­පා­ල­න­යක් තිබුණා. ශ්‍රී ලංකා පොලී­සි­යට මේ අප­රා­ධ­ක­රු­වන් මර්ද­නය කරන්න පුළු­වන් වුණත් ඒ දේශ­පා­ල­නයේ බල­පෑම් මත ඒවා කරන්න අව­ස්ථා­වන් නැති වුණා. දශක කිහි­ප­යක් තිස්සේ වර්ධ­නය වූ පාතා­ලය, සංවි­ධා­නා­ත්මක අප­රාධ වරි­න්වර තීව්‍ර වෙමින් වැඩි වුණා. නව රජයේ ප්‍රති­පත්ති එක්ක සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොලී­සි­යට වග­කී­මක් තියෙ­නවා මේ අප­රා­ධ­ක­රු­වන් නීතියේ රැහැ­නට ගේන්නÓ යැයි ද වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සීය.

විදේ­ශ­ග­තව සිටි­මින් අප­රාධ මෙහෙ­ය­වන පුද්ග­ල­යන් හඳු­නා­ගෙන සිටින බවත් එම අප­රා­ධ­ක­රු­වන්ට එරෙ­හිව රතු නිවේ­දන ලබා­ගෙන ඇති බවත් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පව­සයි. එම අප­රා­ධ­ක­රු­වන් මෙර­ටට රැගෙන ඒමට අවශ්‍ය පිය­වර ගන්නා බව ද ඔහු අව­ධා­ර­ණය කරයි. පොඩි ලැසී නමැති අප­රා­ධ­ක­රුව ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට පවා කට­යුතු කළ බවත් ළඟ­දීම ඔහුව මෙර­ටට රැගෙන ඒමට පිය­වර ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට අප­රා­ධ­ක­රු­වන් 65කට එරෙ­හිව රතු නිවේ­දන නිකුත් කර ඇති බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. ප්‍රධාන අප­රා­ධ­ක­රු­වන් සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ගේ දෙවැනි හා තෙවැනි පෙළ දැන­ට­මත් හඳු­නා­ගෙන ඇති බවත් ඒ අය 1415 දෙනකු සිටින බවත් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා කීය.

Òතිත්ත ඇත්ත තමයි අප­රා­ධ­ක­රු­වන් බන්ධ­නා­ගා­ර­ග­තව ඉඳ­ගෙ­නත් අප­රාධ මෙහෙ­ය­වන බවÓ යැයි ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා කීය.

පොලිස් ස්ථානා­ධි­ප­ති­වරු දේශ­පා­ල­න­ඥ­යන්ගේ වුව­ම­නා­වන්ට අනුව පත්කි­රීම් ගැන පූර්ව­ගාමී පොලි­ස්ප­ති­ව­ර­යකු විසින් කළ ප්‍රකා­ශ­ය­කින් පොලී­සිය පසු­ගිය කාලයේ කොත­රම් දේශ­පා­ල­නී­ක­ර­ණය වී තිබු­ණේ­දැයි පෙනී යන බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය. පොලිස් ස්ථානා­ධි­ප­ති­වරු පම­ණක් නොව, පොලිස් ස්ථාන­වල අංශ භාර ස්ථානා­ධි­ප­ති­වරු පවා පත් කිරී­මට දේශ­පා­ලන බල­පෑම් තිබී ඇති බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. මෑත­කදී කළ සමී­ක්ෂ­ණ­ය­කදී පෙනී ගොස් ඇත්තේ පොලිස් ස්ථාන­වල සේවයේ නිරත එවන් නිල­ධා­රී­න්ගෙන් සිය­යට 40ක් පමණ ඔවුන්ගේ ගමේ පොලිස් ස්ථාන­ව­ලම සේවයේ නිරත වන බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය. දේශ­පා­ල­න­ඥ­යන් තමන්ගේ ස්ථාව­ර­භා­වය සකස් කර ගැනී­මට නිල­ධා­රීන් අනු­යුක්ත කර­ගෙන ඇති බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා කීය.