සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවනු ඇත.
සිමෙන්ති සඳහා වූ සෙස් බද්ද අඩු කිරීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ගෙන ආ යෝජනාවටද මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
මුදල් පිළිබඳ කාරක සභාව වෙත මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පසුගිය 08 වෙනිදා කැඳවූ අතර එහිදී මෙම යෝජනා දෙක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ඊයේ (15) නිවේදනය කළේය.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ අංක 2400/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක්, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත 3 (4) වගන්තිය යටතේ අංක 2399/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රෙය් පළ කර ඇති නිවේදනයක් සහ අංක 2401/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක්, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍ර 06ක පළ කර ඇති නියෝග 06ක් සහ 2002 අංක 24 දරන සුබසාධන ප්රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් සලකා බැලීමද මෙහිදී සිදුවිය.