සඳඑළිය ඇති දිනවල සීගිරිය රෑටත් සංචාරකයන්ට විවෘත කිරීමට යයි

ඓතිහාසික සීගිරිය සඳඑළිය ඇති රෑටත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. සංචාරක අමාත්‍යාංශය විසින් පුර පසළොස්වක පොහොය දිනය ඉලක්ක කර ගනිමින් මසකට දින පහක් ‘සඳෙහි සීගිරිය’ නමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ පියවර ගෙන තිබේ. ඒ අනුව සංචාරකයන්ට පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා හිමිකම ලැබේ.

සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මේ මුලපිරීම සිදු කෙරේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තවත් ස්ථාන කීහිපයක් රාත්‍රී කාලයේදීත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව මේ දුරුතු පොහොය යෙදුණු ඊයේ (13) දින දෙකකට පෙර පොහොය වෙනුවෙන් රාත්‍රියේ සීගිරිය විවෘත කිරීම මෙලෙස සිදු වුණු අතර ඉදිරි පොහොයවලදීත් සීගිරිය රාත්‍රියේදීත් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘතව පවතින බව ද වාර්තා වේ.