නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්. එම්. එස්. රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්. එස්. කේ. බී. විජේරත්න මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.