දිස්ත්‍රික්ක 05 කට නාය යෑම් අනතුරු

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ⁠පස්සර, ⁠හාලිඇල, ⁠බදුල්ල,  මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, ⁠පාතදුම්බර, උඩුදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, ⁠රත්තොට,  නුවරඑළිය දිස්ත්‍රික්කයේ
වලපනේ, හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එම දිස්ත්‍රික්කයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.