ජනතාවගේ සිහින මරා දැමීම හැර එම සිහිනවලට පණදීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයක් ඇතුළු නියමයන් හා නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේද පැවසීය.
ක්ලින් ශ්‍රී ලංකා යනුවෙන් සඳහන් කරමින් ත්‍රීරෝද රථවල කෑලි ගැලවීමට පමණක් හැකි ආණ්ඩුව දැන්වත් ජනතාවට සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යනු කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නොවේ. ව්‍යවසායකු වන මා පාර්ලිමේන්තුවට ආවේ වැඩ කිරීමට මිස ජාතික ජන බලවේගයේ පිරිස් මෙන් කැන්ටිමෙන් ආහාර ලබා ගැනීමට නොවේ.
නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වුණා. නමුත් මගේ නිරීක්ෂණය අනුව මෙය සාධනීය අවකාශයක් නිර්මාණය කළා ද නැද්ද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා. විද්වත් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණි නිසාත් ශ්‍රමදානයක් දාලා සුද්ධ කළ නිසාත් පාර්ලිමේන්තුව ගොඩක් සාධනීයයි. මගේ මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. විශ්වවිද්‍යාල මිත්රයොත් ඉන්නවා. මෙය මම බොහොම අවංකව කියන්නේ, පළමු කාරණය ආණ්ඩුව තවම විපක්ෂයේ ඉන්නවා කියලා මට දැනෙන්නෙ. අනික් කාරණය මේක කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සභාව නොවෙයි. මේකෙ කතා කරන කරුණු රටේ මිලියන විසිදෙකකට බලපානවා .