ටිබෙට් භූ කම්පනයෙන් දලයිලාමා දුක්වෙයි

චීනයට අයත් ටිබෙට් කලාපයේ ෂීසැං පළාතේ සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් ජීවිත අහිමිවූවන් පිළිබඳ දලයිලාමා හිමියෝ අතිශය කනගාටුවට පත්වූ බවත්, තුවාල ලැබූ පුද්ගලයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවරස්ට් කන්දට කිලෝමීටර් 80ක පමණ දුරින් එම භූ කම්පනයෙන් පුද්ගලයන් 126 දෙනකුට ජීවිත අහිමිවූ අතර, පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මුදා ගැනීමට ආපදා සේවා කණ්ඩායම් සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම දරුණු භූකම්පනය පිළිබඳ පුවත ඇසීමෙන් දැඩි සංවේගයට පත්වූ බව සඳහන් කරමින් දලායි ලාමා හිමියන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති කර්නාටක ප්‍රාන්තයේ කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 7000කට වැඩි ජනතාව ජීවත්ව සිටි එම ප්‍රදේශයේ නිවාසවලින් 90%ක්ම විනාශ වී ඇති අතර, එහි සුන්බුන් අතර තවත් පුද්ගලයන් රැසක් සිරවී සිටින බවට අනුමාන කරමින් ආපදා සහන සේවා කණ්ඩායම් තවමත් මෙහෙයුම්වල නිරතව සිටින බව වාර්තා වේ.