මැණික් අපනයනයෙන් මේ වසරේ මෙරටට ඩොලර් බිලියනයක ආදායමක් ගැනීමේ ඉලක්කයක් තිබුණ ද එය ඩොලර් බිලියන 05 දක්වා වැඩි කරගැනීමට හැකි වනු ඇති බව මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පිටිය මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ මෙරට මැණික් කර්මාන්තයේ නියැළී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොඳම ස්ථානයක් නිර්මාණය කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පසුගිය 05 වැනිදා පැවැති මැණික් පොළ අමතමිනි.
මැණික් ක්ෂේත්රයේ කුමන තරාතිරමක අයකුට වුවද සහභාගි විය හැකි වන පරිදි මේ මැණික් පොළ සංවිධාන කොට තිබුණි.