බස් – ත්‍රිරෝ­ද­වල අමුතු ගැජට් ගැල­වීම හොඳයි-හිටපු ඇමැති පාඨලී චම්පික

ආණ්ඩුවේ Clean Sri Lanka වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී පොදු ප්‍රවා­හන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රිරෝද රථ­ව­ලට සවි­කර තිබෙන අම­තර අංගෝ­පාංග ඉවත් කිරීම ඉතා හොඳ දෙයක් බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැව­සීය.

එහෙත් මෙම ක්‍රියා­ව­ලි­යට රටේ පොදු ප්‍රවා­හන ප්‍රශ්නය විස­ඳිය නොහැකි බවත් පොදු ප්‍රවා­හ­නයේ ගැඹුරු ප්‍රශ්න මීට හසු නොවන බවත් පාඨලී චම්පික රණ­වක මහතා සඳ­හන් කළේය.

උමතු රෝගීන්ගේ තොරො­ම්බල් ඉවත් කර, කොණ්ඩ රැවුල් කපා, පිළි­වෙ­ළට ඇඳුම් අන්දා, තොරො­ම්බල් අයින් කිරී­මෙන් ඔවුන්ගේ මාන­සික ව්‍යාධිය ඉවත් නොවන බව ද ඔහු කීය.

එක්සත් ජන­රජ පෙර­මුණ ඊයේ (08) සංවි­ධා­නය කළ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් රණ­වක මහතා මේ බව සඳ­හන් කළේය.

“Clean Sri Lanka කියන්නේ, හුදු කසළ කළ­ම­නා­ක­රණ ව්‍යාපෘ­ති­යක් නෙවෙයි. විශේ­ෂ­යෙන්ම රටේ ප්‍රවා­හන ක්ෂේත්‍රය, රටේ දූෂණ සහ අක්‍ර­මි­කතා ක්ෂේත්‍ර මේ සියලු රාජ්‍ය අංශය, පෞද්ග­ලික අංශය ඇතු­ළත් මේ ක්‍රියා­ව­ලීන් සිය­ල්ලම ඇතු­ළත් ව්‍යාපෘ­ති­යක් හැටි­යට තමයි මේ හඳු­න්වලා දීලා ක්‍රියා­ත්මක වෙන්නේ” යනු­වෙන්ද පාඨලී චම්පික රණ­වක මහතා පැව­සීය.